සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තායිවානයේ මහ පොළොව කම්පා වුන හැටි… තුවාල ලැබූවන් ගණන දහස ඉක්මවයි!

by lankasara-editor
අප්‍රේල් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ එනම් බදාදා තායිවානයේ රික්ටර් මාපක 7.4 ක විශාල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.තායිවානයේ හුආලින් නගරයේ සිට සැතපුම් 11ක් පමණ නිරිත දෙසින් වන්නට එය සිදුව තිබූ බව වාර්තා වනවා.

තායිපේ වේලාවෙන් ඊයේ උදෑසන 7:58 ට පමණ කම්පනය සිදුව ඇති අතර භූමි කම්පාව හේතුවෙන් ජීවිත සහ දේපල හානි රැසක් සිදු ව තිබෙනවා.

භූමිකම්පාවෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව අද වනවිට 1000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සිදු වූ මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ  නවයක් ලෙසයි. එරට මාධ්‍ය සඳහන් කරන පරිදි ඊයේ සිදු ව ඇත්තේ වසර 25 කට පසු ඇති වූ ප්‍රබලතම කම්පනයයි.
තායිපේ අගනුවර ගොඩනැගිලි ප්‍රචණ්ඩ ලෙස සෙලවීමට ලක් වූ බව ද සඳහන් වනවා. තායිවානයේ ගිනි නිවන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙන්නේ තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1,050 දක්වා ඉහළ ගොස් ඇති බව සහ අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම භූමි කම්පාව හේතුවෙන් පතල් කැණීමේ ප්‍රදේශයක සිරවී සිටි පුද්ගලයන් හය දෙනෙකු, අද හෙලිකොප්ටරයක් යොදා ගනිමින් බේරා ගැනීමට හැකි වූ බව තායිවානයේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා. මුදවා ගැනීමේ කණ්ඩායම් කඩා වැටුණු ගොඩනැගිලි වල සුන්බුන් අතර සෙවීමේ කටයුතු සිදු කරමින් සිටින අතර ඒ අනුව ඉදිරි දිනවලදී මරණ සංඛ්‍යාව තරමක් ඉහළ යා හැකි බව එරට මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.

මුදවා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් අතර පුද්ගලයින් සිරවී සිටී දැයි පරීක්‍ෂා කරමින් සිටින අයුරු

හුආලින් හි නගරාධිපති හ්සු චෙන් වෙයි පවසන්නේ ඊයේ දවස අවසන් වන විට භයානක යැයි සැලකෙන ගොඩනැගිලිවල සිටි සියල්ලන් ඉවත් කල බවයි. භූමි කම්පාව ට මුහුණ දුන් පනස් දෙහැවිරිදි කාන්තාවක් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින්, තම මහල් නිවාසයේ නිදා ගැනීමට ඇති බිය නිසා ඊයේ රාත්‍රිය ගත කිරීමට තමන් තාවකාලික නවාතැන් සඳහා භාවිතා කරන ක්‍රීඩා පිටියක කූඩාරමක් තුළට ගිය බව පවසා තිබෙනවා.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දමිතා සහ සැමියා අත් අඩංගුවට…    මම අවුරුද්ද හිරේදි සමරනවා… දමිතා කියයි!

Next Post

“යුක්තිය” අතර නිරපරාදේ පොලිස් වෙඩි කා මිය ගිය නාරම්මල වඩුකාර්මිකයාගේ වැන්දඹු බිරිය ගොනුක කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලේ!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.