ඒ මුදල් වංචාවකට අදාළව සිදුකළ කැඳවීමක් නොසලකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ හරිමින් සිටි ප්රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (04) දහවල් දමිතා අබේරත්න සහ ඇගේ සැමියා කොටුව මහෙස්ත්රාත් අධිකරණයට පැමිණ මෝසමක් ඉදිරිපත් කර එය ප්රතික්ෂේප වීමෙන් පසු අධිකරණයෙන් පිටව යාමට සූදානම් වූ අවස්ථාවේ සී.අයි.ඩිය විසින් එම යුවල අත්අඩංගුවට ගෙන තිබිණි.
එහිදී අදහස් දැක්වු දමිතා අබේරත්න පවසා තිබුනේ කමන්ට හැංගෙන්නට නොහැකි බවත් තමන් හැංගෙන්නට පුලුවන් චරිතයක් නොවන බවත් ය.
“මම හැංගුනේ නැහැ. මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි මේ දමිතා. දමිතා කියන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු ඒ කාලකන්නි ක්රමයට එරෙහිව අරගල කරපු ගැහැණියක්. මම අද අධිකරණයට භාර වෙනවා. ඔය පොහොට්ටුව ඇතුළු දේශබන්දු මේ සිඟිති ආතල් එක ගන්න. මමත් අවුරුදු සමරනවා හිරගෙදර.”
https://www.facebook.com/watch/?v=342262555510378&t=1