යුක්තිය මෙහෙයුමේදී නාරම්මල පොලිසියේ වෙඩි තැබීමෙන් මියගිය වඩු කාර්මිකයාගේ වැන්දඹු බිරිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) අවසර ලබා දුන්නේය.
මියගිය රොෂාන් කුමාරසිරි සිය රැකියාව නිමවී නිවස බලා එමින් සිටියදී සිවිල් සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි..
කමනි රූපිකා ප්‍රියංගනී සිය මූලික අයිතිවාසිකම් අයදුම්පත්‍රයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන්ගෙන් මිලියන 200ක වන්දියක් ඉල්ලා සිටියාය.
වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව නොවැම්බර් 25 වැනිදාට කැඳවීමට නියම කළේය.
නාරම්මල පොලිසියේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී නොසිටීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.