දිනසේන රතුගමගේ –
යාපනයට ලැබුණු කොරෝනා මර්දන එන්නත් ප්‍රමාණයෙන් එන්නත් 1600 ක ප්‍රමාණයක් යාපනය විශ්ව විද්‍යාලය වෙත ලබා දීමට ජනාධිපතිවරයා සිය ඉල්ලීම මත කටයුතු කළ බව යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති ශ්‍රී සර්ගුණරාජා අද (1 ) පැවසීය.
යාපනය විශ්ව විද්‍යාලයේ සේවය කරණ පිරිස අතරින් විශාල පිරිසක් කොරෝනා රෝගයට ගොදුරු වී සිටින බවත් එක් කථිකාචාර්යවරියක් කොරෝනා රෝගය නිසා මිය ගිය බවත්, ඒ නිසා විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය සඳහා එන්නත් 1600 ක් ජනාධිපතිවරයාගෙන් තමන් ඉල්ලා සිටීමෙන් පසුව එම ඉල්ලීම ඉටු වු බවත් උපකුලපතිවරයා පැවසීය.
යාපනය විශ්ව විද්‍යාලයේ සේවකයින් සදහා වෙන් වූ එන්නත් ප්‍රමාණය පළාතේ සෞඛ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කොට ඉතා ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා බවද යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති ශ්‍රී සර්ගුණරාජා මහතා වැඩිදුරටත් පැවසීය.