සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැතිමතුන්ට දළදා වන්දනාවට ඉඩ ලැබෙන්නේ මෙහෙමයි… ජනපතිත් දළදා වඳින්න එක්වීමට නියමිතයි…

by editor
අප්‍රේල් 17, 2025 - Updated on අප්‍රේල් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • දළදා වන්දනාවට මල් වට්ටියක්වත් ගෙනියන්න බෑ… අට පිරිකර ගෙනාවොත් දළදා වන්දනාවත් මග හැරේවි.. සැදැහැ සිත පමණක් දරාගෙන සුදු වතින් සැරසී එන්න…

  • මහ මළුවේ සිට ජංගම දුරකථන භාවිතය සපුරා තහනම්… භාවිතා කළොත්  සුදුසු ක්‍රියාමාර්ග…. 

  • මහ මළුවට පය තබන සෑම බැතිමතෙකුටම දළදා වඳන්න අවස්ථාව… තත්පරයකට බැතිමතුන් 10 දෙනෙකුට දළදා වන්දවන සැලැස්මක් ක්‍රියාත්මකයි… ලක්ෂ 15කට දළදා වන්දනාවට ඉඩ කඩ ලැබේවි. සංවිධායකවරු විශ්වාස කරති

වසර 16කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව”හෙටින් (18) ඇරඹේ.

මෙහි සමාරම්භක අවස්ථාව හෙට (18) දහවල් 12.30ට පමණ සිදුවන අතර ‍ජනාධිපති අනුර කුමාර දිසානායක ද ඊට සහභාගි වීමට නියමිතය.

තවද, විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක්ද මෙම අවස්ථාවට එක් වීමට අපේක්ෂා කරන අතර ඔවුන් කොළඹ සිට විශේෂ දුම්රියකින් කැටුව යාමට කටයුතු සූදානම් කර තිබේ. දහවල් 12.30ට මේ විශේෂ ප්‍රභූ සහභාගීත්වය සහිතව සමාරම්භක උත්සවය සිදුවන්නේ මෙසේය.

සමාරම්භක උත්සවය සිදුවන අයුරු

දළදා සමිඳුන් වැඩ හිඳන්නේ සත් කරඬු මධ්‍යයේය. කරඬු හත මත මනුෂ්‍ය ස්ඵර්ෂයක් සිදු කරන්නේ නම් එය සිදුකළ යුත්තේ මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන්වහන්සේලා දෙනම සහ දියවඩනේ තැම්පත් නිලංග දෑල යන තිදෙනාම ඉදිරියේය.

හෙට උදාවන්නේ සුවිශේෂී අවස්ථාවකි. දළදා වහන්සේ හත්වන කරඬුවෙන් පිටතට ගන්නා අවස්ථාව අතිශය සුවිශේෂීය. හෙට දහවල් තේවාවෙන් අනතුරුව අස්ගිරි මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතනාභිධාන ස්වාමීන්වහන්සේ විසින් 7වන කරඬුවේ වැඩ හිඳින වාම ධාතූන්වහන්සේගේ කරඬුව විවෘත කරනු ලබති.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

අනතුරුව මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ විසින් දන්ත ධාතූන් වහන්සේ පිටතට වැඩමවා දියවඩන නිලමේවරයා අත ඇති වජ්‍රමය මංජුසාවෙහි තැන්පත් කරනු ලබති.

අනතුරුව එම මංජුසාව දියවඩන නිලමේවරයා විසින් සුවඳ මලින් සරසන ලද පිරිත් මණ්ඩපය වෙත රැගෙන ගොස් එහි තබා මූලික පූජාවන් සිදුකරනු ලබති.

මේ සියලු පූජාවන් සිදුකරනු ලබන්නේ හේවිසි හොරණෑ පූජා හඬ මධ්‍යයේය. ඉන් අනතුරුව දළදා වහන්සේ ප්‍රදර්ශනය විවෘත වේ. මේ අවස්ථාවේ රටේ විධායක ජනාධිපතිවරයා ප්‍රමුඛ දෙස් විදෙස් තානාපති ප්‍රභූහු මුලින්ම දළදා වන්දනා කරති.

දළදා දැක්ම ජනතාවට විවෘත වන ආකාරය

හෙට සවස 3ට පමණ දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව ජනතාවට විවෘත වේ.
මහනුවර මාතලේ කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාරසිංහ අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා මහජනතාව දළදා වන්දනා කිරීමට පෙළ ගැසිය යුතු ආකාරය ගැන විශේෂ දැනුම්වත් කිරීමක් කළේය.

ඒ දැනුම්දීමේ සම්පූර්ණ පෙළ මෙසේය.

දළදා දැක්ම සඳහා ජනතාව රැඳී සිටින ප්‍රදේශය කලාප 10කට බෙදා ඇත. කලාප 10 සඳහා ජනතාවගේ ආරක්ෂාව සහ අවශ්‍යතා සපුරාලීම සඳහා වෙනම නිලධාරීන් යොදවා තිබේ.

පොලිසියේ 8500ක්, යුද හමුදාව, නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි අංශය ඇතුළු සෙසු බුද්ධි අංශ 1000ක පිරිසක් ද ඇතුළුව දස දහසකට අධික පිරිසක් ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇත.

මෙහෙයුම් මැදිරි තුනක්.

පිහිටුවා ඇති මෙහෙයුම් මැදිර ගණන තුනකි.

  1. පළමු මැදිරිය කලාප 10 අධීක්ෂණය සඳහා යොදවා ඇති සමස්ථ රාජකාරි නිලධාරීන් මෙහෙයවීම
  2. දෙවැනි මෙහෙයුම් මැදිරිය – නියෝජ්‍ය පොලිස්පති යටතේවන සියලුම බුද්ධි අංශ නියෝජිතවරු ගෙන එන තොරතුරු ප්‍රශ්න, ගැටලු, අවධාරණය කිරීම
  3. තුන්වැනි මෙහෙයුම් මැදිරිය – දිවයින පුරා සියලුම පොලිස් ස්ථාන ආවරණයවන පරිදි තොරතුරු ඒකරාශී කිරීම.

තුන්වන මෙහෙයුම් මැදිරිය ජනතාව මෙහෙයවීමේ සමස්ථ යාන්ත්‍රණය කළමනාකරණය කිරීමට වැදගත් මෙහෙයක් ඉටු කරන තැනය. මේ ගමන සඳහා සමූහ වශයෙන් එන බස් රථ සහ බැතිමතුන් ගණන ඒ ඒ වසම්වල පොලිසිය දැනුම්වත් විය යුතුය. ඒ දැනුම්වත් කිරීම ඇතුළු සම්බන්ධීකරන වගකීම සෑම පොලිසියකම ප්‍රජා පොලිස් කමිටු වෙත පැවරේ. එම කමිටු හරහා පැමිණෙන බස් රථ සම්බන්ධව තුන්වන මෙහෙයුම් කමිටුව දැනුම්වත් කරයි. පවතින තදබදය සහ අවස්ථා අධ්‍යයනය කරමින් බස් රථ පැමිනීම කළමනාකරණය කිරීමත් මෙම මෙහෙයුම් මැදිරියෙන් සිදුවෙයි.

උදාහරණයක් ලෙස හෙට (18) දළදා දැක්ම සඳහා පැමිණ වන්දනා කිරීමට අපොහොසත් වූ පිරිස් ගණනයක් කර කොපමණ සංඛ්‍යාවක් පසුදා නුවරට ගෙන්වා ගත යුතු ද යන්න සම්බන්ධව අදහසක් තුන්වන මෙහෙයුම් මැදිරියෙන් රට පුරා පොලිසි වෙත ලබා දෙයි. මෙම මෙහෙයුම් මැදිරිය ගම්වල ප්‍රජා පොලිස් කමිටු හරහා සම්බන්ධීකරණය පවත්වමින් මෙම කළමනාකරණය සිදුකරනු ලබයි.

හිස් අතින් සැදැහැ සිත් පුරවාගෙන පැමිණෙන්න

දිවයිනේ කොතැනක වුවත් එන පුද්ගලයා අවම බඩු ප්‍රමාණයක් ගෙන ඒමට සැලකිලිමත් විය යුතුය. වටිනා කියන කිසිවක් දළදා වන්දනාවට මහනුවර එන විට රැගෙන නොඑන්නැයි සංවිධායකවරු ඉල්ලා සිටිති. ප්‍රධාන මාර්ග තුනෙන් මහ මළුවට ප්‍රවේශ වෙන මොහොතේ දී දළදා සමිඳුන් වන්දනා කරන්නට යන බැතිමතුන් අත කිසිවක් තබා ගැනීමට අවසරයක් ලැබෙන්නේ නැත. දළදා සමිඳුන්ට පූජා කිරීමට මල් වට්ටියක්වත් රැගෙන යා නොහැකිය.

යම් හෙයකින් අට පිරිකර හෝ පූජා භාණ්ඩ පූජා කිරීම සඳහා රැගෙන පැමිණියහොත් ඒවා ස්කෑන් පරීක්ෂාවක් සඳහා වෙනත් ස්ථානයකට රැගෙන යෑමට සිදුවනු ඇත. එවිට දළදා සමිඳුන් වන්දනාවට ඇති මග ඇහිරීම නිසැක වේ.

පෝලිම්වල නවාතැන් ගෙන සිටින හෝ තමන්ගේ ගමන් මළු සහතිව පෝලිමේ රැඳී සිටින සෑම අයෙකුගේම භාණ්ඩ තබා යෑම සඳහා ගමන් මළු ආරක්ෂා කරන ස්ථාන ස්ථාපිත කර තිබේ. සෑම පුද්ගලයෙක්ම තමතමන්ගේ බෑග් සහ පාවහන් එහි තබා යා යුතුය.

මෙවැනි ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හෙට (18) 3.30 සිට 5.30 සිට පැය 2ක කාලයකුත්, සෙසු දිනයන්හිදී දිනකටය පැය 5.30කුත් වැනි කෙටි කාලයක් තුළ දී වැඩි පිරිසකට දළදා සමිඳුන් දැක බලා ගැනීමේ අවස්ථාව උදා කරගැනීම සඳහාය.

තත්පරයකට පුද්ගලයින් 10කට දළදා වඳින්න අවස්ථාව

මෙයට පෙර අවස්ථාවක දී තත්ත්පයට පුද්ගලයින් තිදෙනකුට දළදා සමිඳුන් දැක බලා වන්දනා කරගැනීමට අවස්ථාව සලසමින් දිනකට අවම 54000ක පිරිසකට ඉඩ ලබා දෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කර තිබිණි. ඒ තත්ත්වය මත ඉතා සුළු පිරිසක් සඳහා පමණක් දළදා වන්දනාව විවර වන බැවින්. මල්වතු අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිලමේවරයාගේ සැලසුම් මත තත්පරයකට 8-10 අතර පිරිසකට දළදා සමිඳුන් දැක බලා ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව දින 10 තුළ ලක්ෂ 15කට ආසන්න පිරිසකට දළදා සමිඳුන් දැක වන්දනා කිරීමේ අවස්ථාව උදාවනු ඇතැයි අනුමාන කෙරේ. මේ කාර්යය සාක්ෂාත් කරගැනීම සඳහා මහජනතාවගේ සහයෝගය දැඩි සේ බලාපොරොත්තුවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටී.

ජංගම දුරකථන සපුරා තහනම්

මහ මළුවට ප්‍රවේශවන සියලුම බැතිමතුන්ට තම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තබා ගැනීම අනිවාර්ය වේ. එසේ නොවන අවස්ථාවන්වලදී ඊට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බව පොලිසිය කියයි. ජංගම දුරකථනයෙන් මොනම හේතුවකට හෝ මාළිගා පරිශ්‍රයෙන් පිටතට පැමිණෙන තුරු කිසිම ක්‍රියාකාරකමක් කළ නොහැකිය.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා වෙනම ප්‍රවේශ මාර්ගයක් තනා ඇත. ඔවුන් සඳහා රෝද පුටු සියයක් දියවඩන නිලමේවරයා විසින් සූදානම් කර තිබේ. සංඝයා වහන්සේ සඳහා ද විශේෂිත ප්‍රවේශ මාර්ගයක් සකස් කර ඇත. මෙම දෙපිරිස ස්ථාන දෙකක දී දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙමින් මාළිගය වෙත ප්‍රවේශ කරගනු ඇත.

ඒ හැර දරුවන්, ගර්භනී කාන්තාවන්, වැඩිහිටි වයසක උදවිය සඳහා විශේෂ පහසුකමක් සකසා නැති අතර ඔවුන්ට දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණිය හැක්කේ පොදු ප්‍රවේශ මාර්ග ඔස්සේ පමණි. සුදු වතින් පමණක් සැරසී පැමිණිය යුතුය.

දළදා වන්දනා කාලය තුළ සියලුම තොරතුරු පොලිස් වෙබ් අඩවියේ යාවත්කාලීනයි…

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පොලිස් තොරතුරු වෙබ් අඩවියෙන් සෑම සියලු තොරතුරක්ම යාවත්කාලීන කරනු ලබන බවය. විනාඩි 5න් 5ට එම යාවත්කාලීනවීම සිදුවන බව ඔහු කියයි.

එම තොරතුරු බලමින් පෝලිම්වලට එක්වන ලෙසත් එවිට ගැටලුකාරී තත්ත්වයක් උද්ගත නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මහ මළුවට පා තබන කිසිම බැතිමතෙක් දළදා නොවැඳ යන්නේ නෑ…

ඩී.එස්.සේනානායක මාවත සහ වැව රවුමේ මාර්ග දෙක ඔස්සේම පැමිණෙන සියලුම බැතිමතුන් මහ මළුවේ ප්‍රධාන ප්‍රවේශ මාර්ගය ඔස්සේ දළදා මාළිගා පරිශ්‍රයට ඇතුළු වීමට නියමිතය. ඉන් අනතුරුව සඳගල පසුකොට ප්‍රධාන වාහල්කඩින් ඇතුළු වී ඇතුවන්දන ආසනය ලඟ පඩිපෙළින් ඉහළට නැග අඹරාවෙන් ඇතුළු වී හේවිසි මණ්ඩපයට ප්‍රවේශ වනු ඇත.

එතැන් සිට ගන්ධකුටිය පිහිටා ඇති ඉහළ මාලයට ගමන්කොට පිරිත් මණ්ඩපය මත වඩම්මවා තැන්පත් කර ඇති බුදුන්වහන්සේ ගේ වාම ධාතූන්වහන්සේ දෑසින් දැක වන්දනා කළ හැකිය.
ඉන් පිටව යන බැතිමතුන් සංයමයකින් යුතුව තම බඩු භාණ්ඩ රැගෙන පිටව යෑම වැදගත්ය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ මහ මළුවේ සිට ගන්ධකුටිය අසලට යන දුර බලා පැයක දී දළදා සමිඳුන් වැඳ පුදාගත හැකි ප්‍රමාණය ගණනය කරනු ලබන බවය. මහ මළුවට පය තබන සෑම බැතිමතෙකුටම දළදා වන්දනාව සිදුකළ හැකිය.

පෝලිමේ දින දෙකක් සිට හෝ මහ මළුවට ඇතුළුවීමට බැරිවන ජනතාව සැදැහැ සිතින් ඒ නොලැබීම ඉවසා දරා ගත යුතුව ඇත. බොහෝ විට පවතින තත්ත්වය මත තවත් දින දෙකක් දළදා ප්‍රදර්ශනය දීර්ඝ වීමට ද ඉඩකඩ තිබේ.

මේ ලිපියත් කියවන්න…

සිරි දළදා දැක්ම 2025 – හරියට දැනගෙන දළදා වඳින්න යන්න…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උතුරු මුහුදේ සියලු නීති විරෝධී ක්‍රියාවලට වැට බඳින්න නාවික හමුදාවට නියෝග කළා… අපේ මුහුද… අපේ මසුන්… අපේ ජනතාව… අපි මේ සියල්ල රකිනවා… ජනපති කියයි!

Next Post

මහ ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලන්නේ NPP පළාත් පාලන කණ්ඩායමක් නම් යෝජනා ඇස් පියාගෙන අනුමත කරනවා… බලය වෙන පැත්තක නම් යෝජනා ගැන දහ පාරක් හිතනවා… ජනපති මන්නාරමේ දීත් කියයි!

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.