බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරි දළදා දැක්ම 2025 – හරියට දැනගෙන දළදා වඳින්න යන්න…

by editor
අප්‍රේල් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සිරි දළදා වන්දනාව හෙට (18 )  පස්වරු 3 සිට ආරම්භ වේ. හෙට දිනයේ දළදා වන්දනාව විවෘත වන්නේ පැය දෙක හමාරකට පමණි. සවස 5.30ට වන්දනා කාලය නිමා වන්නේය.

අනිද්දා (19) දින සිට දළදා වන්දනාව දවහල් 12.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වේ.
මේ වනවිටත් දළදා වන්දනා ප්‍රවේශය හදන මාර්ග තුන ආවරණය කරමින් දළදා වන්දනාව සඳහා ජනතාවක් රැඳී සිටිති. තවම දන්සල් විවෘත වී නැත. මේ පිරිසට තේවාව භාර හිමිපාණන් විසින් ආහාර සපයා ඇති ආකාරය වාර්තා වේ

දළදා වන්දනාව සඳහා මාළිගාවට ප්‍රවේශ විය හැක්කේ මහ මළුව මධ්‍යයේ වූ මාර්ගයෙන් පමණි. එම මාර්ගයට ප්‍රවේශ වීමට මාළිගා පරිශ්‍රය අවට විවෘත මාර්ග 03ක් සකස් කර තිබේ.

  1. කටුගස්තොට දෙසින් මහනුවරට පැමිණෙන ඩී.එස්. සේනානයක වීදිය ඔස්සේ මාලිගාව දෙසට පැමිණ වතුර මල අසලින් මහ මලුවට ප්‍රවේශ වීම. ( සාමාන්‍ය දිනයන්හිදී මාළිගාව වැඳ පුදා පිටව යන මාර්ගය )
  2. වැව රවුමේ අම්පිටිය මංසන්ධියේ රතු බෝක්කුව අසලින් රැස්වන ජනතාව සංඝරාජ මාවත ඔස්සේ ( මහා මායා ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටින් ) ගොස් බිසෝකොටුව උල්පැන්ගේ අසලින් ක්වීන්ස් හෝටලය ඉදිරිපිට සකසා ඇති ගුවන් පාලම අසලින් මහ මහළුවට ප්‍රවේශ වීම.
  3. රතු බෝක්කුව අසල සිට (මහා බාලිකා විද්‍යාලයේ ද්විතියික පාලස ඉදිරිපිටින් ) වැව රවුමේ ජෝයි බෝට්ටු සේවය අසලින් පෙරකී ක්වීන්ස් හෝටලය ඉදිරිපිට ගුවන් පාලම අසලට ගොස් මහ මළුවට ප්‍රවේශ වීම

ඕනෑම පුද්ගලයෙකුට මෙම මාර්ග තුන ඔස්සේ පැමිණ මහ මළුවට ප්‍රවේශ විය හැකිය.

ආහාර පාන –

දන්සැල් 228ක් 18 වැනිදා සිට දින 10ක් පුරා විවෘත වී ඇත. ඒ දන්සැල් ගැන සියලුම තොරතුරු තමන්ගේ ජංගම දුරකථනයේ අන්තර්ජාල පිවිසුමට ගොස් මහනුවර මහ නගර සභාවේ දළදා දැක්මට අදාල දන්සැල් ලෙස ටයිප් සොයා ගත හැකිය. ඒ ඔස්සේ දන්සැල් ඇති තැන්, දන්සල් මගින් ලබා දෙන ආහාර වට්ටෝරුව, දන්සල් පවත්වාගෙන යන වෙලාව, එක්වර කී දෙනෙකුට ආහාර ලබා ගත හැකි ද, දිනය පුරා කී දෙනෙකුට ආහාර සපයනවා ද, ආදී තොරතුරු නිවැරදිව ලබා ගත හැකිය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

එමෙන්ම නගරසභාවෙන් අනුමැතිය ලියාපදිංචි ජංගම වෙළෙඳුන් 28ක් දැනට නගරසභාව විසින් ලේඛනගත කර තිබේ. මෙම ජංගම වෙළෙඳුන් හඳුනා ගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබා දී ඇත. මෙම පිරිස සහ දන්සැල් මගින්  සපයන ආහාර සඳහා නගරසභාව විසින් වගකියනු ලබන බව මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

පොලිසියේ මැදිහත්වීම

සිරි දළදා වන්දනාවට ලක්ෂ 20ක පමණ ජන ගහණයක් මහනුවරට ලඟා වනු ඇතැයි තක්සේරු කර ඇති බව පොලිසිය පවසයි. මේ වකවානුව තුළ විශේෂ ආරක්ෂකව වැඩපිළිවෙළක් පොලිසිය විසින් දියත් කර ඇත. ඒ අනුව මහ ජනතාව සෝදිසි කිරීම, රථ වාහන පාලනය හා මාර්ග බාධක රාජකාරි යෙදවීම සිදුකරනු ලබන අතර ඒ සඳහා රාජ්‍ය නිවේදිත නිලධාරීන් 35ක් ඇතුළු පොලිස් නිලධාරින් දස දහසක් යොදවා තිබේ.

සිරි දළදා වන්දනාවට එන බැතිමතුන් පැමිණෙන රථ වාහන මහනුවර නගරයට පැමිණීම හේතුවෙන් නගරය තුළ අනවශය රථ වාහන තදබදයක් ඇතිවිය හැකි බාවින් එම තදබදය අවම කරගැනීම සඳහා රථ වාහන නගරයට ඇතුළු වීම අද (17) දින සිටී සීමා කිරීමට ලක් කර ඇත.

රථ ගාල් 

දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ රථවාහන ගාල් කිරීමට විශේෂ පරිශ්‍ර නිර්මාණය කර ඇත.

  1. ගම්පොල සිට කොළඹ දෙස සිට පැමිණෙන වාහන ගැටඹේ හන්දියෙන් නවත්වනු ලැබේ. එම වාහන ගාල් කිරීමට ගැටඹේ ක්‍රීඩාංගනය සහ ගන්නෝරුව මාර්ගය වෙන් කර ඇත.
  2. කුරුණෑගල කටුගස්තොට මාර්ගයේ එන වාහන 4 කණුව අසල නවතා තැබීමට කටයුතු සලස්වා තිබේ.
  3. මඩවල මාර්ගයේ පැමිණෙන වාහන පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල් භූමියේ නවතා තැබීමට කටයුතු සලස්වා ඇත.
  4. මාතලේ මාර්ගයෙන් පැමිණෙන වාහන රා කඩේ හන්දියෙන් නවත්වා ධර්මාශෝක මාවතේ රඳවා තබන්නට ඉඩ සලස්වා තිබේ.

මෙම රථගාල් අසල සිට සහන ගාස්තුවක් යටතේ දළදා මළිගාව වෙත බැතිමතුන් ප්‍රවාහනය කිරීමට විශේෂ බස් රථ සේවාවක් සැලසුම් කර ඇත.  අනවශ්‍ය බඩු බාහිර සහිත විශාල බෑග් රැගෙන ඒමෙන් වලකින ලෙසත් අවශ්‍ය සියලුම පහසුකම් සලසා ඇති බවත් පොලිසිය කියයි.

සනීපාරක්ෂාව.

සනීපාරක්ෂාව සඳහා ජංගම වැසිකිලි පද්ධති සෑම ප්‍රවිශ්ට මාර්ගයක් ආසන්නයේම සකසා තිබේ. යම් හෙයකින් එම පහසුකම් ප්‍රමාණවත් නොවේ නම් මහනුවර මහ නගර සභාවෙන් පවත්වාගෙන යනු ලබන පොදු වැසිකිලි පද්ධතිවන බෝගම්බර, ඔරලෝසු කණුව අසල, සහ මධ්‍යම වෙළෙඳසල ආසන්නයේ ඇති වැසිකිලි භාවිතා කළ හැකිය. පෝලිමේ සිටින ජනතාවට එපමණ දුරක් යා යුතු වේ නම් තමන්ගේ පෝලිම අසල රඳවා සිටින කලාප භාර නිලධාරියා දැනුම්වත් කර යා හැකි අතර නැවත එම පෝලිමේ එම ස්ථානයටම පැමිණෙද්දී එම නිලධාරියාම මුණගැසී පෝලිමට ඇතුළු විය හැකිය.

ජංගම වැසිකිලි පද්ධතියේ පිරිසිදුකම රඳවා ගැනීම සඳහා ගලි බවුසර 06ක් නිරන්තරයෙන් යොදවා තිබේ. මේ පිලිබඳව කිසියම් ගැටලුවක් වෙතොත් මහනුවර මහ නගර සභාවේ පැමිණිලි අංශයට කේත අංකයෙන් හෝ දුරකථනයෙන් දැනුම් දිය හැකිය.

ජලය බවුසර මගින් ජලය සපයනු ලැබේ. බීමට පානීය ජලය බෝතල් ප්‍රමාණවත් තරමට මේ වනවිට පෝලිම්වල සිටින අයට ලබා දීමට නගර සභාව විසින් ලබා දී ඇත. විදුලිය මේ වනවිටත් සියලුම පෝලිම් සඳහා ලබා දී තිබේ. ජංගම දුරකථන ආරෝපණය කරගැනීමේ පහසුකම් නැති බව ද සැලකිය යුතුය.

පොලිතින් භාවිතය

පෝලිම්වල රැඳී සිටින සියලුම ජනතාව පොලිතින් සිලිකවර හෝ නොදිරන ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් ඒවා තමන්ගේ නිවසට රැගෙන යෑමට පියවර ගත යුතු බව අවධාරණය කෙරේ. පෝලිමෙන් ඉවත්වන විට එම ස්ථාන පිරිසිදු කර තැබීමට අනිවාර්යෙන් කටයුතු කළ යුතුව ඇත.

අපද්‍රව්‍ය හා ඉවතලන සියල්ල කසල බඳුන්වලටම දැමිය යුතුය. එසේ නොවුනහොත් පුරා දින 10ක් පැවැත්වෙන මෙම මහා ප්‍රදර්ශනයේ මූලිකාර්ථයම ගැටලුවකට ලක් වෙනවා මෙන්ම පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් වේ. ඒ හේතුවෙන් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම අවධාරණය කරයි.

සෞඛ්‍ය සහන සේවා.

වයස් භේදයකින් තොරව පොදු මහ ජනතාවක් පෝලිම්වල රැඳී සිටින බැවින් සෞඛ්‍ය ගැටලුකාරී තත්ත්වයන් උද්ගත විය හැකිය. ඒ සඳහා සහන සේවා ප්‍රතිකාර රෝහල්ගත කිරීම්, සඳහා මහනුවර මහ නගර සභාවේ වෛද්‍ය ඒකකය සැලසුම් සකස් කර ඇත. ඊට අවශ්‍ය පුහුණු හෙද හෙදියන් ඇතුළු කණ්ඩායමක් සූදානම් කර තිබේ.

ජනතාව දැනුම්වත් විය යුත්තේ කඩිනමින් රෝගී තත්ත්වය පිළිබඳව කලාපය භාරව නිලධාරීන් හෝ වගකිව යුතු නිලධාරියෙක් දැනුම්වත් කිරීමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හමුදා බුද්ධි තොරතුරක් මත එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා කේරල ගංජා තොගයක් අත් අඩංගුවට…

Next Post

වැලිකඩ පොලිස් අත් අඩංගුවේ දී මිය ගිය තරුණයාගේ නව මරණ පරික්ෂණය සඳහා දින දෙයි!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.