සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලන්නේ NPP පළාත් පාලන කණ්ඩායමක් නම් යෝජනා ඇස් පියාගෙන අනුමත කරනවා… බලය වෙන පැත්තක නම් යෝජනා ගැන දහ පාරක් හිතනවා… ජනපති මන්නාරමේ දීත් කියයි!

by editor
අප්‍රේල් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • නාස්ති නොකර හොරකම් නොකර ආරක්ෂා කළ ජාතික ධනය පළාත් පාලන ආයතනවලට හොරකම් කරන්න එවන්නෙ නෑ… ජනපති අවධාරණය කරයි…

නගර සභාවේ හෝ ප්‍රාදේශී සභාවේ මුදල් මදිනම් සංවර්ධන කටයුතු සඳහා මුදල් මහ ආණ්ඩුවෙන් ලබා දෙන නමුත් ඒ සඳහා සංවරධන යෝජනා ඉදිරිපත් කරන්නේ ජාතික ජන බලවේගයෙන් ද වෙනත් පාර්ශවයක්  විසින් ද යන්න සම්බන්ධව සැලකිලිමත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (17) මන්නාරමේ දී පැවසුවේය.

පුංචි ඡන්දය ඉලක් කර ගනිමින් මන්නාරමේ පැවති ජන හමුවක් අමතමින් ඔහු පැවසුවේ සංවර්ධන කටයුතුවලට මහ ආණ්ඩුවෙන් මුදල් ලබා ගැනීම සඳහා අදාල යෝජනාවලිය එවන්නේ ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතනයක් නම් ඇස් පියාගෙන ඒ මුදල් අනුමත කරන බවත් වෙනත් දේශපාලන කණ්ඩායමක් නම් ඒ සම්බන්ධව දහ වරක් කල්පනා කරන බවත්ය.

මහ ආණ්ඩුව සොරකම් කරන්නේ නැතිනම්, මහ ආණ්ඩුව නාස්ති කරන්නේ නැතිනම් එසේ ප්‍රවේසම් කළ ජාතික ධනය හොරකම් කිරීම හෝ නාස්ති කිරීම සඳහා පලාත් පාලන ආයතනවලට එවන්නේ නැති බවත්,  සංවර්ධන කටයුතු කඩාකප්පල් කර ආණ්ඩුවේ ගමනට කකුලෙන් ඇදීම සඳහා එම මුදල් එවන්නේ නැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා සිය කතාව අතර මෙසේ ද පැවසුවේය.

RelatedPosts

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

අපේ රටේ නීතිය කාටත් සමාන ලෙස ක්‍රියාත්මක වෙන්න ඕන. ලංකාවේ පළමුවෙනි වතාවට ආණ්ඩුවක් හැදිලා තියනවා නීතිය කාටත් සමානයි. ඉස්සර නීතිය තිබ්බේ කොහොමද?. ධනය බලය තියන අයට නීතිය ක්‍රියාත්මක වුනේ නෑ. දුබල අයට නීතිය ක්‍රියාත්මක වෙනවා. අද භේදයකින් තොරව කාටත් නීතිය ක්‍රියාත්මකවන රටක් හදලා තියනවා.

හොඳ නැද්ද එහෙම රටක්. ඉස්සර කොහොමද තිබුණෙ. ධනය තියන අයට එක නීතියක්. දුප්පත් අයට තව නීතියක්. තව දුරටත් අපේ රට එහෙම ක්‍රියාත්මක වෙන්නෙ නෑ… ඒ නිසා තමයි පොලිස්පතිට පොලිසියට බයේ හැංගෙන්න වුනේ. නීතිය කාටත් සමානයි.

මම දැක්කා අල්ලස් කොමිසමෙන් හිටපු ජනාධිපතිට සිතාසි යවලා තියනවා. නීතිය කාටත් සමානයි.

මහ ඇමතිවරු ඇතුළු ඇමතිවරු කීපයක් දැනුත් රිමාන්ඩ් භාරයේ. හිටපු ජනාධිපතිවරුන්ගේ පුත්තුන්ට විරුද්ධව මේ වනවිටත් මහාධිකරණයෙ නඩු දාලා තියෙන්නේ. නීතිය කටාත් සමානයි. ඕන නැද්ද එහෙම රටක්. අන්න ඒක ජාතික ජන බලවේගය ආණ්ඩුව හදලා තියනවා.

ඒ විතරක් නෙමෙයි මහා ආණ්ඩුව, ජනාධිපතිවරයා ලෙස මම, අපේ කැබිනට් මණ්ඩලය කිසි කෙනෙක් මහ ජනයගේ රුපියලක් හොරකම් කරන්නේ නෑ. රුපියලක් නාස්ති කරන්නේ නෑ. හොරකම් කරන්නෙ නැති ආණ්ඩුවක් හදලා තියනවා. මහජනයාගේ ධනය හොරකම් කරන්නෙ නැති ආණ්ඩුවක් හදලා තියනවා. අපි හොරකම් කරන්නෙ නෑ විතරක් නෙමෙයි… හොරකම් කරපු අයටත් සහතික වශයෙන් දඬුවම් ලබා දෙනවා.

උතුරු මැද පලාතේ මහ ඇමති… වංචාව ලක්ෂ 26යි. දඬුවම අවුරුදු 16යි. හිරේ. හොඳ නැද්ද මෙහෙම ආණ්ඩු. සියලු පරීක්ෂණ කරනවා. දඬුවම් ලබා දෙනවා. සිදුවන අපරාධ ගැන හොයනවා. මිනිස් ඝාතන, පාස්කු ප්‍රහාර… මේ ඔක්කොම හොයනවා. අපේ රටේ ජනතාව නීතියට අනුගත වෙනවා. නීතියට බයයි. හැබැයි අපේ රටේ පාලකයා නීතියට උඩින්. නීතිය පාගනවා. එහෙම රටකට ඉස්සරහට යන්න බෑ.

සාමාන්‍ය මනුෂ්‍යයෙකුට ලියාපදිංචියකින් තොරව යතුරු පැදියක් පාරට දැමිය නොහැකි වුවද මන්ත්‍රීවරු වරායෙන් පැන්නූ හොර වාහන පැද්ද බවත් එවැනි මන්ත්‍රීවරුන් 03 දෙනෙක් අත් අඩංගුවට ගත් අතර තවත් ගැනීමට නියමිත බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

එමෙන්ම ජනාධිපතිවරයා පැවසුවේ මහ ආන්ඩුව සොරකම් කරන්නේ නැතිනම් නගර සභාවකට ද සොරකම් කිරීමට ඉඩ නොදෙන බවය. මුසලි වැනි ප්‍රාදේශීය සභාවකට, මන්නාරම වැනි නගර සභාවකට කළ යුතු වැඩ සඳහා මුදල් නැතිනම් මහ ආණ්ඩුවෙන් මුදල් ලබා දිය හැකි බවත් ජාතික ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායමක් මුදල් ලබා ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කරන්නේ නම් ඇස් පියාගෙන අනුමත කරන බවත්ය.

” මුසලි ප්‍රාදේශීය සභාව කියන්නේ පොඩි ආදායමක් තියෙන්නේ. මන්නාරම නගර සභාව පොඩි ආදායමක් තියෙන්නේ. නමුත් වැඩ තියනවා ගොඩක් කරන්න. පාරවල් ටික හදන්න ඕන. පෙර පාසල් ටික හදන්න ඕන. කානු පද්ධතිය හදන්න ඕන. සුසාන භූමි ටික නඩත්තු කරන්න ඕන. වැඩ ගොඩක් තියනවා. ඒත් ප්‍රාදේශීය සභාවේ සල්ලි ටිකයි තියෙන්නෙ. ඉතින් සල්ලි මදි.

දැන් අපේ ආණ්ඩුවට සල්ලි තියනවා. මම මේ අවුරුද්දේ මේ උතුරු පලාතේ පාරවල් හදන්න රුපියල් දස ලක්ෂ පන්දාහක් වෙන් කරලා තියනවා. පාරවල් හදන්න. ඒ විතරක් නෙමෙයි, තව විශාල මුදලක් උතුරෙ පොල් වගාවට වෙන් කරලා තියනවා. ඔබේ ඉඩමේ පොල් වගා කරන්න ලෑස්ති නම් පැල ටික දෙනවා. බිම සකස් කරගන්න සල්ලි දෙනවා. පොහොර දාන්න සල්ලි දෙනවා. මේ අවුරුද්දේ උතුරේ අක්කර 16000ක පොල් වගා කරන්න සල්ලි වෙන් කරලා තියනවා.

ප්‍රාදේශීය සභාවට සල්ලි වෙන් කරන්න පුලුවන්. හැබැයි වෙන් කරන්නේ කාටද?. නගර සභාවෙ සල්ලි මදිනම් මහ ආණ්ඩුවෙන් සල්ලි දෙන්නම්. දෙන්න ඕන නේ. හැබැයි ඒකට ප්‍රාදේශීය සභාවෙන් යෝජනා ටික එන්න ඕන. ඒ යෝජනාවලට මහා ආණ්ඩුවන් සල්ලි වෙන් කරනවා.

හැබැයි සල්ලි වෙන් කරන්න කලින් යෝජනාව එවන්නේ කවුද කියලා බලනවා. මන්නාරම නගර සභාව ජාතික ජන බලවේග කණ්ඩායම අතේ නම් තියෙන්නේ මහ ආණ්ඩුවට එවන යෝජනාව ඇස් පියාගෙන අනුමත කරනවා. හැබැයි වෙන අයගේ අතේ නම් තියෙන්නේ යෝජනාව දහ සැරයකට වඩා බලනවා. ඇයි ඒ. ඒ අය ෂුවර් නෑ. පාරට කොන්ක්‍රීට් දාන්න කියලා ඉල්ලලා තියෙන්නේ. හැබැයි පාරට ටිකයි. සාක්කුවට ගොඩයි.

එහෙම උනේ නැද්ද?. ඉතින් අපි එවනවද සල්ලි. මහා ආණ්ඩුව පරිස්සම් කරලා හොරකම් කරන්නේ නැතිව නාස්ති කරන්නෙ නැතිව පරිස්සමින් එකතු කරලා මන්නාරම නගර සභාවට එවනවා හොරකම් කරන්න. එහෙම එවන්න ඕන ද?

එහෙම එවන්නෙ නෑ මතක තියාගන්න. මහ ආණ්ඩුව හොරකම් කරන්නෙ නැතිනම් නගර සභා හොරකම් කරන්නත් බෑ. එහෙනම් දෙන්න ඕන ජාතික ජන බලවේග ආණ්ඩුවට. වෙන කාටවත් නෙමෙයි ප්‍රාදේශීය සභාව දෙන්න ඕන. වෙන කාටවත් නෙමෙයි නගර සභාව දෙන්න ඕන. ජාතික ජන බලවේගයටම විතරයි. නැතිනම් මොකද වෙන්නෙ. මහ ආණ්ඩුව හොරකම් කරන්නෙ නෑ. නගර සභාව හොරකම් කරනවා. මහ ආණ්ඩුව නාස්ති කරන්නෙ නෑ. නගර සභාව නාස්ති කරනවා. මහ ආණ්ඩුව වැඩ කරන්න හදනවා. නගර සභාව කකුලෙන් අදිනවා.

එහෙම කරන්න බෑ. මේ නගර සභා මේ ප්‍රාදේශීය සභා ජාතික ජන බලවේගයටම තමයි. මහ ආන්ඩුව හොරකම් කරන්නෙත් නෑ. නගර සභාව හොරකම් කරන්නෙත් නෑ. මහ ආණ්ඩුව නාස්ති කරන්නෙත් නෑ. මහ ආණ්ඩුව රට හදන්න වැඩ කරනවා. නගර සභාවත් රට හදන්න වැඩ කරනවා.

එහෙනම් කාට දෙන්න ඕන. ජාතික ජන බලවේගයට විතරයි. ඒ නිසා මැයි මාසෙ 6 වැනිදා හොඳ බලයක් ශක්තිමත් ජන වරමක් ජාතික ජන බලවේගයට ලබා දෙන්න.

ජනාධිපතිවරයා පැවසුවේ මහ ඡන්දයටත් වඩා මැයි මාසයේ 06 වැනිදා ඡන්ද ජාතික ජන බලවේගයට ඡන්දය ලැබෙන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැතිමතුන්ට දළදා වන්දනාවට ඉඩ ලැබෙන්නේ මෙහෙමයි… ජනපතිත් දළදා වඳින්න එක්වීමට නියමිතයි…

Next Post

ඉන්දියාව එක්ක අත්සන් කළ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ නෑ… ඕන නම් තොරතුරු දැන ගැනීමේ පනතින් ගන්න… ඇමති නලින්ද ජයතිස්ස විපක්ෂයට කියයි!

Related Posts

පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.