ප්‍රශ්නගත ව්‍යාධි ජනක බැක්ටීරියා අඩංගු ක්වින්ඩාවෝ සී වින් බයෝටෙක් සමාගමෙන් කාබනික පොහොර වෙනුවට හයිබ්‍රිඩ් පොහොර සාන්ද්‍රණ ගෙන්වීමට කයුතු කරනු ඇතැයි කෘෂිකර්ම ලේකම් ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක පවසයි.
ලේකම්වරයා මේ බව පවසා ඇත්තේ පසුගිය 11 වැනිදා පස්වරුවේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විද්වතුන්, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් සහ අමාත්‍යාංශ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවක දී ය.
කාබනික පොහොර වෙනුවට ගෙන්වන බව කියන මෙම හයිබ්‍රිඩ් පොහොර සාන්ද්‍රණ රසායනික සංඝටක සහිත ද, කාබනික ද, යන්න සම්බන්ධව පුලුල් විග්‍රහයක් ලේකම්වරයා විසින් සිදුකර නැත.
ක්වින්ඩාවෝ සී වින් බයෝටෙක් සමාගමට ගෙවූ වන්දි මුදලට අදාලව නැවත පොහොරක් ගෙන්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය තවමත් පැහැදිලි නැති බව මේ පිළිබඳව අප කළ විමසීමේ දී ක්ෂේත්‍රයේ විද්වත්හු පැවසූහ.