චීනය දිගින් දිගටම එල්ල කරන බලපෑම්වලින් ලිතුවේනියාව ආරක්ෂා කිරීම සදහා යුරෝපා රටවල් එකග වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය ඇතුළු යුරෝපා සංගමයේ ප්‍රබල රටවල් මෙන්ම මහා බ්‍රිතාන්‍යය ද ආර්ථික සහ දේශපාලන වශයෙන් ලිතුවේනියාව ශක්තිමත් කිරීමට ද්වි සහ බහු පාර්ශවික වේදිකා රැසක දී තීරණය කර ඇති බවයි.
ලිතුවේනියාව විසින් තායිවානයේ නියෝජිත කාර්යාලයක් සිය රටේ විවෘත කිරීමට පසුගියදා අවසර ලබා දෙන ලදී.
චීනය ඊට දැඩි විරෝධය පළ කරමින් ලිතුවේනියාවට එරෙහිව විවිධ සම්බාධක පැනවීමට කටයුතු කරනු ලැබිණ.
ඒ අනුව ලිතුවේනියාවෙන් ගව මස් ආනයනය තහනම් කළ චීනය , චීනය සහ තවත් යුරෝපා රටවල් 17 ක් සමග ඇතිකරගත් සංවර්ධනය සදහා වන එකමුතුවෙන් ලිතුවේනියාව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.







