පාකිස්තානයේ ජංගම ගිණුමේ හිඟය මේ වසරේ ජනවාරි මාසය වන විට ඩොලර් බිලියන 2.56 දක්වා ඉහළ ගොස් තිබේ.
එය වසර 13කට පසු වාර්තා වූ ඉහළම පරතරය වන බවත් මෙය එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරනු ඇති බවත් ආර්ථික විශේලේෂකයෝ පවසති.
ජංගම ගිණුමේ හිඟය යනු රටක වෙළඳාමේ මිනුමක් වන අතර එය ආනයනය කරන භාණ්ඩ හා සේවාවල වටිනාකම සහ අපනයනය කරන නිෂ්පාදනවල වටිනාකම ඉක්මවා යාම ලෙස හදුනාගත හැකිය.
අධික ආනයනය සහ විදෙස්ගත පාකිස්ථානු ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ගලා ඒම පහත වැටීම ජංගම ගිණුමේ හිඟය පුලුල් වීමට බලපෑ ඇති ප්‍රධාන හේතු බව පකිස්තාන වාර්තා සදහන් කරයි.
ජංගම ගිණුම් හිඟය ඉහළ යාමට ප්‍රධාන හේතුව සම්පුර්ණයෙන්ම මූල්‍යකරණය කරන ලද ආනයනයන් හේතු වූ බව බව පකිස්ථාන රාජ්‍ය බැංකුව සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. ”
පාකිස්තානය මෙලෙස වාර්තාගත ජංගම ගිණුම් පරතරයක් මේ වසරේ ජනවාරි තුළ වාර්තා කර තිබුනේ 2008 ඔක්තෝම්බර් මාසයෙන් පසුවය. එහිදී ද පාකිස්තානය ඩොලර් බිලියන 2.3 ක හිඟයක් වාර්තා වී තිබිණ.