යුද ගැටුම්වලට මැදිව යුක්රේනයේ සිරවී සිටින සිසුන් ඇතුළු ඉන්දියානුවන් මුදවා ගැනීම සදහා ඉන්දියාව විසින් ගංගා නමින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.
මේ යටතේ දැනටමත් දෙදහසක පමණ පිරිසක් ආරක්ෂිතව ඉවත් කරගෙන ඇති බවත් තවත් දෙදහසක පමණ පිරිසක් මුදාගැනීමට නියමිත බවත් ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි.
මුදාගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් එයාර් ඉන්දියා ගුවන් සේවයේ යානා යොමු කර ඇති අතර අතිරේක රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් ද ආශ්‍රිත රටවලට යොමු කර තිබේ.
ඉන්දීය විදේශ අමාත්‍යාංශය සදහන් කළේ අමාත්‍යාංශය ලේකම් හරෂ් ශ්‍රින්ගිලා විසින් මේ සම්බන්ධයෙන් ජිනිවාහි අන්තර්ජාතික රතුකුරුස කමිටුව සමගද සාකච්ඡා කළ බවයි.
ඉන්දියාවේ සිටින රැසියානු සහ යුක්රේන තානාපතිවරැන් සමගත්, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දීය විදේශ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.