යුක්රේනයේ යුද ගැටුම්වලට මූලිකව වගකිව යුතු රැසියාව සම්බන්ධයෙන් නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ඕස්‍ට්‍රේලියාව චීනයට චෝදනා කරයි.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සදහන් කරන්නේ ලෝකය විසින් රැසියාවට එරෙහිව දේශපාලන සහ ආර්ථික සම්බාධක පනවමින් සිටියදී චීනය ඊට ප්‍රතිවිරැද්ධව කටයුතු කරන බවයි.
චීනය රැසියාව වෙත ඇති ආර්ථික බාධා ඉවත් කරමින් ඔවුන්ට පහසුකම් සැපයීමේ වැඩපිළිවෙළක නිරතව සිටින බවටත් එය යුද්ධය අනුමත කිරීමක් බවටත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් චෝදනා කරයි.
ඇමරිකාව, බ්‍රිතාන්‍ය , යුරෝපා සංගමය, කැනඩාව ඇතුළු රටවල් ගණනාවක් මේ වනවිට රැසියාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවා ඇති අතර එම ක්‍රියා මාර්ගයට එළඹුණු නවතම රටවල් වන්නේ ඕස්ට්‍රේලියාව සහ ජපානයයි.