සංශෝධිත ඉලෙක්ට්‍රොනික් අපරාධ වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාත්මක වීම වළක්වාලමින් පකිස්තානයේ ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අදාළ නීති සංශෝධනය මගින් රටේ ජනතාවගේත් මාධ්‍යයේත් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමි කෙරෙන බවට කරැණු දක්වමින් පකිස්තානයේ මාධ්‍ය සංවිධාන මගින් ගොනු කර තිබූ පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ දී ය.
මෙම පෙත්සම් සළකා බැලූ අධිකරණය ප්‍රකාශ කළේ නව නීති සංශෝධනය පීඩාකාරී මෙන්ම මර්දනකාරී නීතියක් බවයි.
මෙමගින් රජය විවේචනය කරන්නන් ඉලක්ක කරගෙන මර්දනයක් දියත්වීමේ ඉඩකඩක් ඇති බව ඉස්ලාමාබාද් මහාධිකරණයේ අගවිනිසුරැවරයා මෙහිදී සදහන් කළේය.
ඒ අනුව මාර්තු මස 10 වනදා දක්වා මෙම නීතිය යටතේ ක්‍රියාත්මකවීම වළක්වාලමින් පකිස්තානයේ ෆෙඩරල් විමර්ශන ඒජන්සිය වෙත වාරණ නියෝගයක් නිකුත් කිරීමට අධිකරණය කටයුතු කරනු ලැබිණ.