කැනඩාවේ අභිලාෂයන්ට පටහැනිව යමින් එරට පිළිබද තොරතුරැ රැස්කිරීමට කැනඩාවේ පිහිටුවා ඇති චීන විදේශ සබදතා කාර්යාලය ක්‍රියා කර ඇති බවට කරැණු හෙළිවී තිබේ.
කැනඩාවේ ඔටාවාහි අධිකරණයක පැවති නඩු විභාගයක දී ෆෙඩරල් විනිසුරැවරියක වන වැනේසා රොචෙස්ටර් සදහන් කළේ මෙම කරැණු පිළිගත හැකි තොරතුරැ රාශියක් ලැබී ඇති බවයි.
වසර විස්සක පමණ කාලයක් කැනඩාවේ පිහිටි චීන විදේශ සබදතා කාර්යාලයේ සේවය කළ යුවලක් එරට ස්ථිර පදිංචිය සදහා අයදුම් කර තිබූ අතර කැනඩා බලධාරීන් විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණ.
එම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අදාළ යුවල අධිකරණය හමුවට ගොස් තිබූ අතර එහිදී බලධාරීන්ගේ තීරණය තහවුරැ කරමින් අධිකරණය සදහන් කළේ පැමිණිළිකාර යුවල සේවය කළ කාර්යාලය තොරතුරැ රැස්කිරීමට සම්බන්ධ බැවින් මෙම ප්‍රතික්ෂේප කිරීම නිවැරදි බවයි.
චීන විදේශ සබදතා කාර්යාල යනු චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉදිරිපෙළ කාර්ය ක්‍රියාකාරී දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති ආයතනයක් බව තහවුරැ වී ඇතැයි ද අධිකරණය මෙහිදී සදහන් කළේය.