ශ්‍රී ලාංකේය ගුවන් විදුලියේ නොමැකෙන නමක් දිනා ගත් ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක සහ මාධ්‍යවේදිනියක වන චිත්‍රා කුමාරි කළුබෝවිල අද (18) දින අභාවප්‍රාප්ත වී තිබේ.
රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි චිත්‍රා කුමාරි කළුබෝවිල මිය යන විට 68 වැනි වියේ පසුවූවාය.
නිර්මාණශීලි මෙන්ම සුභාවිත වාග් කෝෂයකින් සහ වාග් විලාශයකුන් පොහොසත් පූරකවරියක වූ චිත්‍රා කුමාරි කළුබෝවිල ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ වර්ෂ 1979 දී ය. ඒ සහන නිවේදිකාවක ලෙසිනි.
එතැන් සිට සිය වෘත්තීය ජීවිතයේ දිගු ගමනක් පැමිණි චිත්‍රා කුමාරි කළුබෝවිල තෙවරක් අඛණ්ඩව වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති ප්‍රකාශිකාව ලෙසින් ගුවන්විදුලි රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය. ය
ගුවන්විදුලි ඉංජිනේරු අංශයේ ජේෂ්ඨ නිළධාරියෙකු වන චන්දන පත්තප්පෙරුම් සමග විවාහපත් වූ ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක් වූවාය.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම්දීමට නියමිතය.







