බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රී කුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ බුද්ධ ප්‍රතිමාව ඉවත් කර ඇත්තේ අනවසර ඉදිකිරීමක් සේ සලකලා… පොලිස් වාර්තාවලින් හෙළි වෙයි!

පැමිණිල්ල කර ඇත්තෙත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නොවෙයි... වෙරළ ආරක්ෂක සංවිධානය නැමැති සංවිධානයක්!

by editor
නොවැම්බර් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ආරක්ෂක තර්ජනයක් ගැන කතාව පසුව ගොතල ද?. ඇමති පාර්ලිමේන්තුවට කියලා තියෙන්නේ අර්ධ සත්‍යයක් බව පොලිසිය පොලිස්පතිට යවන වාර්තාවෙන් අනාවරණය වෙයි!

ත්‍රී කුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරස්ථානයේ තැන්පත් කර තිබූ ප්‍රතිමාවහන්සේ එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබුවේ මහජන ආරක්ෂක ඇමතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ ආකාරයේ  ආරක්ෂක  තර්ජනයක් මත නොව එය අනවසර ඉදිකිරීමක් ලෙස ලද පැමිණිල්ලක් මත බව පොලිස් නිල වාර්තා ඔස්සේ සනාථ වී තිබේ.

2025/11/17 අළුයම 04 සිට, 2025/11/18 දක්වා වූ පැය 24 තුළ පොලිසිය විසින් පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කරන  දෛනික නිල වාර්තාවට අනුව පොලිසිය කඩා වැදී මෙම බුදු පිළිමය පන්සල් භූමියෙන් ඉවත් කරන්නේ “ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි වර්ධනාරාම විහාරස්ථානයේ ඥානකිර්ති ස්වාමීන්වහන්සේ ඇතුළු දායක සභාව විසින් ත්‍රීකුණෘමලය වෙරළ තීරයේ බෝ ගස අසල අනවසරයෙන් කුටියක් ඉදිකර කර ඇති බවට” වූ තොරතුරක් මතය.

එම වාර්තාවේ තව දුරටත් මෙසේ දැක්වේ.

“ මෙම ඉදිකිරීම අනවසර ඉදිකිරීමක් බවට පවසා වෙරළ ආරක්ෂක සංගමය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඥානකීර්ති ස්වාමීන්වහන්සේ ඇතුළු දායක සභාව 300 කගේ පඹණ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් පවත්වා ඇත. පසුව පොලිස් නිලධාරීන් විසින් මෙම බුද්ධ ප්‍රතිමාව එම ස්ථානයෙන් ඉවති කර චීන වරාය පොලිස් ස්ථානයේ තැන්පත් කර ඇත. “

“ මෙම ඉදිකිරීම ඉවත් කිරීමට යෑමේ දී ත්‍රීකුණාමලය කොට්ඨාස භාර ජ්‍යෙ,පො.අ. හා ත්‍රීකුණාමලය මු.පො.ප සුළු තුවාල ලබා ත්‍රීකුණාමලය රෝහලට ඇතුළත් කර ඇත.”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“ 2025.11.17 දින මෙම බුද්ධ ප්‍රතිමාව ත්‍රීකුණාමලය  වෙරළ තීරයේ බෝ ගස අසල නැවත තැන්පත් කර ඇත.”

පොලිස් පොත්පත්වල සටහන්ව ඇති මේ මූලික වාර්තාව අනුව පොලිසිය පන්සල් භූමියට පැමිණ බුද්ධ ප්‍රතිමාව ඉවත් කරන්නේ  ප්‍රතිමාවට හානි කිරීම සම්බන්ධ   බුද්ධි තොරතුරක් මත නොව එය අනවසර ඉදිකිරීමක් ලෙස සලකා බව මෙම වාර්තාවෙන් පැහැදිලි වේ.

එමෙන්ම මේ සදහා පොලිසිය මේ තරම් උත්තේජනය කිරීමට හේතු වූ පැමිණිල්ල ඉදිරිපත් වී ඇත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නොව, වෙරළ ආරක්ෂක සංගමය නැමැති සංගමයක් විසිනි.

පන්සල් භූමිය 1951 වසරේ සිට පැවැත්වෙන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති පන්සලක් බවත්,  එම පන්සල් භූමිය සඳහා පූජා භූමි ඔප්පුවක් ඇති බවත්, එවැනි වටපිටාවක පන්සල් භූමියට ඇතුළු වී පන්සල තුළ වඩා හිඳුවා තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ පැහැරගෙන යෑම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නායක හිමියෝ ඊයේ (17) ජනපති වෙත ලිඛිතව දන්වා සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍යවරුත් අද ජනපති සමග සාකච්ඡාවක…

Next Post

චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි සැරියෙන් සමුගනී!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.