සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝල්ෆේස් අරගලය කියන තැන ඕන රස්තියාදුකාරයෙකුට වීරයෙක් වෙන්න පුලුවන් තැනක්!

බෞද්ධ විරෝධී ඩීල් අරගලබිමේ පටන් අරන්... විමල් වීරවංශ කියයි...

by editor
මැයි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝෆේස් අරගලබිම ඕනෑම රස්තියාදුකාරයෙකුට වීරයෙක් විය හැකි තැනක් බවත්,  මේ වනවිට එහි බෞද්ධ විරෝධී සටන් පාඨ නැගෙමින් ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ පසුගිය දා   බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේ පැවැති ජානිපෙ අධිරාජ්‍ය විරෝධී මැයි දින සැමරුමෙහි සැමරුම් දේශනය සිදුකරමිනි.

රටේ පවතින තත්වය සම්බන්ධව දීර්ඝ දේශපාලන විග්‍රහය යෙදෙන ඔහු මේ වනවිට අරගල කේන්ද්‍ර භූමිය වී ඇති ගාලුමුවදොර සම්බන්ධව අදහස් දක්වා තිබුණේ මේ ලෙසය.

“අද වැඩ කරන ජනතාවට වඩා මාර්ගයේ සටනේ ඉන්නේ මධ්‍යම පාන්තික ජනතාව. ඔවුන්ගේ සාමාන්‍ය ජීවන පැවැත්මට අද අභියෝගයක් එල්ල වී තිබෙනවා. අද ‘ගාලුමුවදොර අරගල බිම’ කියා එකක් තිබෙනවා. ඒ අරගල බිම තෙල් නැති නිසා, ගෑස් හිඟය නිසා, විදුලි කප්පාදුව නිසා කැඳවන ලද අරගල බිමක්.“

“නමුත් ඒ බිම එතැනින් නොනැවතී බෞද්ධ විරෝධී සටන් පාඨ ඔසවා තබන, බණ්ඩාරනායක මහත්තයාගේ ප්‍රතිමාවේ ඇස් කළු පටියකින් බැඳ දමන තැනක් බවට පත් වී තිබෙනවා. මේ අර්බුදය විසින් ඇති කොට තිබෙන විෂම තත්වය හේතුවෙන් ඇතමුන් එවැනි ක්‍රියාමාර්ග තෝරන තැනට පරිවර්තනය වෙමින් තිබෙනවා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ අර්බුදය ඇතුළෙ ගෝල්ෆේස් අගලබිමේ  අරගලකරුවකු වන එක මහා අමාරු දෙයක් නෙවෙයි. අරගල භූමියට ජාතික කොඩියක් අරගෙන ගිය පොලිස් නිලධාරියා ‘වික්‍රමාන්විත කතාවක්’ කරලා වීරයෙක් වුණා. පසුව බැලුවාම එයා ගංජා කිලෝග්‍රෑම් ගාණක් ප්‍රවාහනයට සම්බන්ධ, විනය විරෝධී චෝදනා තිබෙන ‘පොලීසියේ මාටියා අංශය’ භාර කෙනෙක්. “

“තවත් එහෙම වීරයන් වූ අය ඉන්නවා. සිත් රිදෙන නිසා මම ඒ පිළිබඳව සිහිපත් කරන්නේ නැහැ. ඕනේ රස්තියාදුකාරයකුට අද ගාලුමුවදොරට ගිහින් වීරයෙකු වෙන්න පුළුවන්. ගාලුමුවදොර සිටින බොහොම ප්‍රබුද්ධ තරුණ පිරිසට මේක අදාළ නැහැ. අර්බුදය ඇතුලේ අරගලකරුවකු වීම නොවෙයි අභියෝගය. රටත් රාජ්‍යයත් එම අර්බුදයෙන් එළියට එන විට වෙනස් මාවතක්, වෙනස් මිනිහෙක් නිර්මාණය වන තැනට ඒ අර්බුදය කළමනාකරණය කිරීමයි ඇත්ත අරගලය. සටන් පාඨ විතරක් තිබෙන අරගල, ඇත්ත අරගල නොවෙයි.“

“මෙහෙම යන්න දීලා බලන් හිටියොත් පාලන සුක්කානම නතර වෙන තැන කාටවත් තීරණය කරන්න බැහැ. අපි ඉන්නේ එහෙම අභියෝගයක් පාමුල. ආණ්ඩුවත් එක්ක තිබෙන ප්‍රශ්නය බේරාගන්න ගමන් රාජ්‍යය අරාජික වීමට ඉඩ නොදී, අර්බුදය අරාජිකත්වයේ තෝතැන්න බවට පත්වීමට ඉඩ නොදී, අර්බුදය මේ රට වැරදි ගමන් මාර්ගයෙන් එළියට ගෙන ඒමේ තෝතැන්න බවට පත්කර ගැනීමයි අද දවසේ සබුද්ධික දේශපාලන භූමිකාව වන්නේ. අද අපි පවරා ගෙන ඇත්තේ එම දේශපාලන භූමිකාවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශ්වාසභංගය තවත් කතාවක් වන ලකුණු … තවම අත්සන් කර ඇත්තේ ස.ජ.බ. මන්ත්‍රීවරුන් පමණයි!   

Next Post

ඇමරිකාවේ නගර පනහක ලාංකිකයෝ ගෝඨාට ගෙදර යන්න කියති

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.