ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහාය ලබා දෙනවාද නැද්ද යන්න පිලිබඳව සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ කණ්ඩායම අතර තවමත් එකඟතාවයක් නැතැයි වාර්තා වේ.
මේ වනවිට විමල් වීරවංශ උදය ගම්මන්පිල මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කණ්ඩායම බැසිල් රාජපක්ෂ හා එක්ව ව්‍යවස්ථා රාමුවට වලංගු නැති අන්තර්වාර පාලනය වෙනුවට ජාතික එකඟතා ආණ්ඩුව නමින් ජාතික ආණ්ඩුවක් ඇති කර පොහොට්ටු ආණ්ඩුවම වෙනත් නමකින් පවත්වාගෙන යෑමට කරන උත්සාහයත් සමග විශ්වාසභංගය සම්බන්ධව ඔවුන් පල කළ එකඟතා අහෝසි වෙමින් ඇතැයි දැනගන්නට ඇත.
එමෙන්ම මේ කණ්ඩායමේ ප්‍රධාන කොන්දේසිය වූයේ සමගි ජන බලවේගය ඉදිරිපත් කරන විශ්වාසභංගයට අත්සන් තබන්නට නම් පක්ෂ 11 කණ්ඩායම යෝජනා කරන අන්තර්වාර පාලන රජයකට එකඟතාවය පල කළ යුතු බවය.
දැන් එය ජාතික එකඟතා ආණ්ඩුව ලෙස වෙනස් වී ඇති නමුත් විශ්වාස භංගයට අත්සන් කිරීම සඳහා සමගි ජන බලවේගය එම ආණ්ඩුවට එකඟ වීම අනිවාර්ය කොන්දේසියක් ලෙස ඉදිරිපත් වී ඇත. එහෙත් සමගි ජන බලවේගය මෙම හවුල් ආණ්ඩු පිහිටුවීමට සම්බන්ධ නොවන බව ප්‍රකාශ කර ඇති නිසා පක්ෂ 11 කණ්ඩායම විශ්වාසභංගයට අත්සන් තැබීමට ඇති ඉඩකඩ අල්ප බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. කෙසේ වෙතත් දෝෂාභියෝගයට අත්සන් තැබීම හෝ නොතැබීම ගැන අවසන් තීරණය හෙට (04) ගැනීමට කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.
විශ්වාසභංග යෝජනාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතත් එය ඉදිරපත් කරනවා ද නැද්ද කරනවා ද නැද්ද යන්න මෙම සාකච්ඡාවෙන් පසුව තීරණය වනු ඇතැයි ද පැවසේ.
විශ්වාසභංගයට තවම අත්සන් තබා ඇත්තේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පමණක් වන අතර වෙනත් කිසිදු පක්ෂයක් හෝ කණඩායමක් ඊට අත්සන් කර නොමැති වීම විශේෂය.
මේ අතර විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව පරාජයට පත්වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව අගමැතිවරයාගේ හෝ අමාත්‍යමණ්ඩලයේ බලතල ජනාධිපතිවරයාට පවරා ගත හැකි බැවින් එම මැදිහත්වීමත් ගැටලු සහගත බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.