සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොවි පවුල් 5000ක ගේ ජීවිත අනතුරේ! වන අලි උවදුරට විසඳුම් ඉල්ලා දිඹුලාගල ගොවීහු මගට බසිති!

උද්ඝෝෂකයෝ මහඔය - පොලොන්නරුව මාර්ගය අවහිර කර ලිප් බැද ගිනි මොළවති...

by editor
දෙසැම්බර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

ගොවි පවුල් 5000කගේ පමණ ජීවිත ව්‍යසනයට ඇද දැමූ වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා  දිඹුලාගල දම්මින්න මහවැලි කොට්ඨාසයේ   ගොවි සංවිධාන 12ක  නියෝජිතයන් සහ ගොවීන් පිරිසක් පොලොන්නරුව මහඔය මාර්ගය දම්මින්න  මංසන්ධියෙන් අවහිර කර අද ( 17 ) පෙරවරුවේ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.

ගොවීහු මාර්ගය අවහිර කරගෙන මාර්ගයේ ලිප් බැඳ  ගිනි දල්වා තේ වත්කරන් බී මාර්ගයේම  වැතිරී සිටියේ තමන්ගේ ගැටලුව පිළිබඳ  සාකච්ඡාවක් කිරිම සඳහා බලධාරියෙක් පැමිණෙන තුරුය. පස්වරු 1 පමණ වනවිටත් බලධාරියෙක් ඔවුන් සමග සාකච්ඡාවට පැමිණ තිබුණේ නැත.

17  වෙනිදා පෙරවරු 9 ට පමණ ආරම්භ වූ මෙම විරෝධතාවයේ නිරත ගොවීන්හට විසඳුමක් නොලැබීම නිසා, එම ගැටලුව ඉදිරිපත් කිරීමට  ගොවි නියෝජිතයින් කිහිප  දෙනෙකු  දම්මින්න මහවැලි කොට්ඨාස කාර්යාලයට  ගියද එම කාර්යාලයේ  නිලධාරීන් විශේෂ සාකච්ඡාවක නිරත වූ බැවින්  ගොවි නියෝජිතයින්    ප්‍රධානම මාර්ගයට පැමිණ බිම වාඩිවී  මහා මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත් වූහ.

මෙම විරෝධතාවය හේතුවෙන්   පොලොන්නරුව මහඔය ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රථවාහනවලට දැඩි බාධා එල්ල වූ අතර අරලගංවිල පොලිසිය පැමිණ  විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර මාර්ගයේ ගමන්  වාහන වලට බාධා නොවන අයුරින් උද්ඝෝෂණය සිදු කරන ලෙසට ඉල්ලීම් කරද විරෝධතාකරුවන් පැවසුවේ  බලධාරියකු පැමිණ විසඳුමක් ලබාදෙන තුරු තමන් මහ පාරෙන් නොනැගිටින බවයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මාදුරුඔය ජාතික ජාතික වනෝද්‍යානයට මඩකළලපුවෙන් සහ හම්බන්තොටින් මී ගවයින් මෙන්ම එළ ගවයින් විසිදාහකට  පමණ  ආසන්න සංඛ්‍යාවක් ගෙනැවිත් දැමීම හේතුවෙන් වන අලින්ට ආහාර හිඟ වීමත් සමග එම අලින් ගම්බිම් වලට පැන තම දේපළ හා ජීවිත  විනාශ කරන බව ගොවීහු කීහ.

දම්මින්න කොට්ඨාසයේ ගොවි පවුල් පන්දාහකට  ආසන්න සංඛ්‍යාවකට මෙම වන අලි  තර්ජනය බලපා ඇති අතර ,මෙවර ඉතා අසීරුවෙන් වගා කරන ලද පැළ ගොයම පවා වන අලින් විනාශ කර ඇති බව  දම්මින්න කොට්ඨාස ගොවි සංවිධාන සභාපති ඊ.ජී ධනවර්ධන   මෙහිදී සඳහන් කළේය.

පස්වරු 1 වන විට ද මෙම ගොවීන්ගේ ඉල්ලීම්ට විසඳුමක් ලබාදීමට බලධාරියකු  නොපැමිණීම නිසා  උද්ඝෝෂකයින් මහා මාර්ගයේ බිම වාඩිවී, ප්‍රධාන මාර්ගයේ ලිප් බැඳ වතුර රත් කර තේ බීමට ද කටයුතු සිදු කළහ.

පස්වරු 1 වන විටද මෙම විරෝධතාවය ක්‍රියාත්මක වෙමින් තිබුණ අතර උද්ඝෝෂකයින් පැවසුවේ විසඳුමක් ලබාදෙනතුරු මෙම ස්ථානයේම අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරන බවයි.

අප මෙම ගොවීන් නගන චෝදනාව සම්බන්ධයෙන්  වෙහෙරගල වනජීවී කාර්යාලයෙන්   දුරකථනයෙන් කළ විමසීමකදී එහි සහකාර අඩවි ආරක්ෂක ආර්. ආර්. ශාන්ත  සඳහන් කළේ මෙම  උද්ඝෝෂණය   පිටුපස  දේශපාලන මුහුණුවරක් ගෙන ඇති බවත්, දම්මින්න කොට්ටාසයේ  පවතින උග්‍ර වන අලි තර්ජනයට හැකි අයුරින් විසඳුම් ලබාදී ඇති බවත් ,ගම් වදින වල් අලි පලවා හැරීමේ මෙහෙයුම් හැකි සෑම විටම ක්‍රියාත්මක කරන බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන පොහොර නැවේ වන්දිය  ගෙන්වපු අයගෙන් අය කරගන්න… පරිසර ඇමති අමරවීර ජනපතිගෙන් ඉල්ලයි!

Next Post

හඳේ අදුරු පැත්තේ දී චීන්නු දැකපු “අභිරහස් අතු පැළ“…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.