බී.බී.සී –
වර්ෂ 2019 මුල සිට සඳේ අඳුරු පැත්ත නිරීක්ෂණය කරන චීන Yutu-2 රෝවරය සඳේ අඳුරු පැත්තේ ඇති අද්භූද වස්තුවක් පසුගිය නොවැම්ර් මාසයේ දී නිරීක්ෂණය කරනු ලැබුවේ. එය සඳ මතුපිට පිහිටවූ කුඩා අතු පැලක ස්වරූපයෙන් පෙනුණි.
රෝවයරය සිදුකළ ඉතාම සමීපව නිරීක්ෂණයන් පසු එවූ ඡායාරූප මේ කුහුල තවත් වැඩි කළේය. රෝවරය එම අද්භූද පිහිටීම සහිත ස්ථානයට මීටර 80ක් පමණ කිට්ටු වී තිබුණ බව බී.බී.සී ය සඳහන්ය කර තිබුණේය.
සඳෙහි අඳුරු පැත්තේ ඡායාරූපගත කර ඇති මෙම අද්භූත වස්තුව සම්බන්ධයෙන් දැන් චීනය පරීක්ෂණ අරඹා ඇත.
විශේෂඥයන් දැනට අනුමාන කරන්නේ එය බොහෝ දුරට ගල් පර්වතයක් විය හැකි බවය. එය සමීපයට යෑමට රෝවරයට මාස තුනක කාලයක් ගතවනු ඇතැයි විද්‍යාඥයෝ කල්පනා කරති.