තරගය සඳහා සහභාගිවන තරගකාරියන් 97 දෙනා ගෙන් 23 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනයවිම හේතුවෙන් අද දිනයේදී පෝටෝ රිකෝ හිදී පැවැත්වීමට නියමිතව තිබු 2021 ලෝක රූ රැජින තරඟය කල් දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කළේය.
ආසාදිත වූවන් අතර මැලේසියාවේ තරගකාරිය වන Lavanya Sivaji හා ඉන්දුනීසියාවේ රූ රැජිණ වන Pricilia Carla Yules ද වූහ.
මේ තත්වය තුළ තරගය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර නිවේදනයක් නිකුත් කරමින් තරග සංවිධායකවරුන් දැනුම් දුන්නේ තරඟකරුවන්ගේ, කාර්ය මණ්ඩලයේ, සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරමින් අවසන් තරඟය නැවත වෙනත් දිනයක පැවැත්වීමට කටයුතු කරන බවය.
පෝටෝ රිකෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත රෝග විද්‍යාඥ මෙලිසා මර්සාන් වාර්තාකරුවන්ට පැවසුවේ ලෝක රූ රැජින සමඟ සම්බන්ධ කොවිඩ් සිද්ධීන් 38 ක් ඇති බව.
ඒ අතර කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 15 ක් සහ තරඟකාරියන් 23 ක් වන බවයි.