සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගේ ගිලා බසිද්දී අනතුර ගැන නොකියා ලෙව්කේ පවුල පලා ගිය හැටි

by editor
සැප්තැම්බර් 20, 2020
in පුවත්
මියගිය අචලා හා චමීර

මියගිය අචලා හා චමීර

Share on FacebookShare on Twitter

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි ලෙව්කේ පවුලට අයත් පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැස ඇත්තේ අලුයම පහට පමණ බවත් ගිලා යන බව  දැනගත් අවස්ථාවේ සුරතල් සතුන්   වාහන ඇතුළු සියලු ගත හැකි දේ රැගෙන   අලුයම4 පමණ වන විට ඔවුන් නිවසින් පිටව ගොස් ඇති බවත් ලංකාසරට වාර්තා වෙනවා.

බිඳ වැටෙන්නට පෙර ලෙව්කේ මැදුර

ලෙව්කේලා සිදුවන විනාශය ගැන දැනුවත් නොකර ගිලා බසින නිවසින් පිටවී ගොස් පැයකට පමණ පසු නිවස ඊට පහළින් වූ හෝටලයක් මතට කඩා වැටී එම හෝටලයේ මිහිකරු, ඔහුගේ බිරිය හා ඔවුන්ගේ නව මස් ළදරුවා මිය ගියා.  එය නුවර ප්‍රිය ජනක කුඩා හෝටලයක් .   මේ යුවල   හෝටලය පවත්වාගෙන යන අතරතුර එහි කාමර දෙකක පදිංචිව ඉඳ තිබෙනවා. එක් කාමරයක ඔවුන් දෙදෙනා දරුවාත් සමග. අනෙක් කාමරයේ බිරියගේ මව සහ හෝටලයේ වැඩ කරන කාන්තාවක්

ලෙව්කේ මැදුරේ සුන්බුන් වලට යටව මියගොස් ඇත්තේ චමිල ප්‍රසාද් (35), අචලා ඒකනායක (32) හා ඔවුන්ගේ නවමස් ළදරුවා. අමිල හෝටලය පවත්වාගෙන ගිය අතර ඔහුගේ  බිරිය අචලා ඒකනායක   නීතීඥවරියක් ලෙස කටයුතු කළා. ඒ වගේම ඇය   විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් ද උනා.

ගිලා බැසීම

නිවස බිඳ වැටි තිබුණු හැටි

අලුයම 4.15ට පමණ සම්පූර්ණ ගොඩනැගිල්ලම ගිලා බැස තිබුණා.    පස් මහල් මන්දිරයේ ප්‍රවේශය හැර   සම්පූර්ණ ගොඩනැගිල්ලම කඩා වැටී පහළ වූ හෝටලය මත ඇද වැටි ඇති අයුරු දුටුවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ගොඩනැගිල්ල ඉදි කර තිබුණේ අධික බෑවුම් සහිත ස්ථානයක. කඩා වැටීමේ දී එම සුන්බුන් පහළින් වූ නිවාස දෙකක් මත ඇද වැටුණා. මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ කීවේ මියගොස් ඇත්තේ ඒ නිවාස දෙකෙන් එකක අය බවයි.

අචලාගේ මව කියන කතාව

අචලාගෙ අම්මා ජයන්ති ඒකනායක. ඇයට වයස අවුරුදු 69යි. ඇය ඉකි ගසමින් හඬා වැටුණා.

මේක සංචාරක හෝටලයක් විදිහට පවත්වගෙන ගියා. අපි නිවසේ කාමර දෙකක පදිංචි වෙලා හිටියා. මමත්  හෝටලයෙ වැඩට ඉන්න දුවත් එක් කාමරයක හිටියා. දුවයි පුතයි පොඩි දරුවයි හිටියෙ එක කාමරයක.

චමිල ප්‍රසාද්

උදේ පහට විතර පොළව දෙදරගෙන ලොකු සද්දයක් ආවා.මොනවත් පෙනුනේ නැහැ. අපේ කාමරේ බිත්ති කඩාගෙන ඇඳ ළඟටම හේත්තු වෙලා තිබුණේ. හතර වටේ මොකුත්ම පෙනුනේ නැහැ. ඇඳ ළඟ තිබුණ ෆෝන් එක අතට අහුවුණා. ඒකෙන් 119 අංකයට ඇමැතුමක් අරන් ගේ කඩාගෙන වැටුනා කියලා කිව්වා. වෙලාව පහට විතර ඇති. ඊට ටික වේලාවකට පස්සේ පොලීසිය එතන්ට ආවා. ලණුවකින් කට්ටියක් අපි හිටපු තැනට බැහැලා ඒ ලණුවල ගැටගහලා අපිව උඩට ගත්තා. පුතයි දුවයි දරුවයි හිටපු කාමරේ සම්පූර්ණයෙන්ම යටවෙලා.

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසුවේ ගිලා බැසීමට ලක්වූ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු ඔහුගේ පවුලේ උදවිය සමඟ අවට කිසිවකුට හෝ අනතුරු ඇඟවීමක් නොකර පිටව ගොස් තිබෙන බවයි.

අනුර ලෙව්කේ කියන කතාව

මේ නිවස හිමි අනුර ලෙව්කේ (58)ට. මේ අයගෙ මුල් පරම්පරාව මාවනැල්ලෙ ලෙව්කෙ  වලව්ව. බිරිය ගීතානි ලෙව්කෙ(54). ඔවුන් සිය දියණිය හා පුතා සමග මෙම නිවසේ පදිංචි වෙලා සිටියා.  දෙදෙනාම තවම පාසල් යනවා. අනුර ලෙව්කේ සිද්ධිය ගැන මෙහෙම කියනවා.

“ පුතාගෙ යාලුවො ටිකක් ආවා. ඔවුන් එනකම් පාන්දර 1 පමණ වනතුරු අපි ඇහැරිලා හිටියෙ. පාන්දර තුනට විතර පිපිරුම් වගේ සද්දයක් ආවා. එහා ගෙදර කෙනා ඇවිත් ටෝච් ගහනවා තේරුණා.  ඔහු කිව්වා පහළ කොන්ක්‍රීට් එක පුපුරලා කෑලි හැලෙනවා වගේ කියලා.

ඒ එක්කම පුතා වාහනේ එළියට ගත්තා. බල්ලො දෙන්නා එලියට ගත්තා. මට තේරුණා ගේ දෙදරනවා වගේ කියලා. ෂර්ට් එකක් දාගන්න හදනකොටම ගෙයි පොළොව ඇල උනා. අපි ඔක්කොම ගෙයින් එළියට පැන්නා. එතකොටම ගේ කඩාගෙන ගියා.“

අනුර ලෙව්කේ කියන්නෙ එවැනි කතාවක්. එහෙත් මේ කිසිවෙක් අනතුරු සිදුවන බව දැනගෙන සෑහෙන වෙලාවක් යනතුරු අනතුරට ගොදුරුවන පිරිසට ඒ ගැන දන්වා නැති බව අසල් වාසීන් කියනවා. ඒ ඔවුන්ගේ පන්තියේ ස්වරූපය. ලෙව්කේ ගෙදරට විනාශය ගැන දන්වපු වංසක්කාර යාබද නිවැසියා අනතුර ගැන අනතුරට ලක් වීමේ අවදානම සහිත පුද්ගලයන්ව දැනුවත් කළේ නෑ කියන චෝදනාව එන්නෙ අසල්වැසියන්ගෙන්..

මේ මිනිස්සු තමන් ගේ පන්තිය ගැන පමණක් කල්පනා නොකර සිදුවෙමින් ඇති අනතුර මිනිස්සුන්ට දැන්නුවා නම් මේ තරුණ යුවලත් කිරිකැටියාත් තවමත් ජිවතුන් අතර.

අප ජිවත්වෙන සමාජය ගැන ලෙව්කේලාගේ පන්තිය ආයෙත් අපට කියලා දීලා තිබුණා.

 

Tags: ලෙව්කේ මැදුරවිශේෂ
Share69Tweet43
Previous Post

පිපිරෙන්නට පෙර කොටුවෙන යාපනයේ මැර කල්ලිවල පොඩි පොඩි බෝම්බ

Next Post

මුස්ලිම් දේශපාලකයන් තරහ වෙන නිසා ජනපති මෛත්‍රී පස්සේ බලමු කීවා.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.