fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගේ ගිලා බසිද්දී අනතුර ගැන නොකියා ලෙව්කේ පවුල පලා ගිය හැටි

වසර 2ක් ago
in පුවත්
1.2k 12
0
මියගිය අචලා හා චමීර

මියගිය අචලා හා චමීර

Share on FacebookShare on Twitter

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි ලෙව්කේ පවුලට අයත් පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැස ඇත්තේ අලුයම පහට පමණ බවත් ගිලා යන බව  දැනගත් අවස්ථාවේ සුරතල් සතුන්   වාහන ඇතුළු සියලු ගත හැකි දේ රැගෙන   අලුයම4 පමණ වන විට ඔවුන් නිවසින් පිටව ගොස් ඇති බවත් ලංකාසරට වාර්තා වෙනවා.

බිඳ වැටෙන්නට පෙර ලෙව්කේ මැදුර

ලෙව්කේලා සිදුවන විනාශය ගැන දැනුවත් නොකර ගිලා බසින නිවසින් පිටවී ගොස් පැයකට පමණ පසු නිවස ඊට පහළින් වූ හෝටලයක් මතට කඩා වැටී එම හෝටලයේ මිහිකරු, ඔහුගේ බිරිය හා ඔවුන්ගේ නව මස් ළදරුවා මිය ගියා.  එය නුවර ප්‍රිය ජනක කුඩා හෝටලයක් .   මේ යුවල   හෝටලය පවත්වාගෙන යන අතරතුර එහි කාමර දෙකක පදිංචිව ඉඳ තිබෙනවා. එක් කාමරයක ඔවුන් දෙදෙනා දරුවාත් සමග. අනෙක් කාමරයේ බිරියගේ මව සහ හෝටලයේ වැඩ කරන කාන්තාවක්

ලෙව්කේ මැදුරේ සුන්බුන් වලට යටව මියගොස් ඇත්තේ චමිල ප්‍රසාද් (35), අචලා ඒකනායක (32) හා ඔවුන්ගේ නවමස් ළදරුවා. අමිල හෝටලය පවත්වාගෙන ගිය අතර ඔහුගේ  බිරිය අචලා ඒකනායක   නීතීඥවරියක් ලෙස කටයුතු කළා. ඒ වගේම ඇය   විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් ද උනා.

ගිලා බැසීම

නිවස බිඳ වැටි තිබුණු හැටි

අලුයම 4.15ට පමණ සම්පූර්ණ ගොඩනැගිල්ලම ගිලා බැස තිබුණා.    පස් මහල් මන්දිරයේ ප්‍රවේශය හැර   සම්පූර්ණ ගොඩනැගිල්ලම කඩා වැටී පහළ වූ හෝටලය මත ඇද වැටි ඇති අයුරු දුටුවා.

මෙම ගොඩනැගිල්ල ඉදි කර තිබුණේ අධික බෑවුම් සහිත ස්ථානයක. කඩා වැටීමේ දී එම සුන්බුන් පහළින් වූ නිවාස දෙකක් මත ඇද වැටුණා. මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ කීවේ මියගොස් ඇත්තේ ඒ නිවාස දෙකෙන් එකක අය බවයි.

අචලාගේ මව කියන කතාව

අචලාගෙ අම්මා ජයන්ති ඒකනායක. ඇයට වයස අවුරුදු 69යි. ඇය ඉකි ගසමින් හඬා වැටුණා.

මේක සංචාරක හෝටලයක් විදිහට පවත්වගෙන ගියා. අපි නිවසේ කාමර දෙකක පදිංචි වෙලා හිටියා. මමත්  හෝටලයෙ වැඩට ඉන්න දුවත් එක් කාමරයක හිටියා. දුවයි පුතයි පොඩි දරුවයි හිටියෙ එක කාමරයක.

චමිල ප්‍රසාද්

උදේ පහට විතර පොළව දෙදරගෙන ලොකු සද්දයක් ආවා.මොනවත් පෙනුනේ නැහැ. අපේ කාමරේ බිත්ති කඩාගෙන ඇඳ ළඟටම හේත්තු වෙලා තිබුණේ. හතර වටේ මොකුත්ම පෙනුනේ නැහැ. ඇඳ ළඟ තිබුණ ෆෝන් එක අතට අහුවුණා. ඒකෙන් 119 අංකයට ඇමැතුමක් අරන් ගේ කඩාගෙන වැටුනා කියලා කිව්වා. වෙලාව පහට විතර ඇති. ඊට ටික වේලාවකට පස්සේ පොලීසිය එතන්ට ආවා. ලණුවකින් කට්ටියක් අපි හිටපු තැනට බැහැලා ඒ ලණුවල ගැටගහලා අපිව උඩට ගත්තා. පුතයි දුවයි දරුවයි හිටපු කාමරේ සම්පූර්ණයෙන්ම යටවෙලා.

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසුවේ ගිලා බැසීමට ලක්වූ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු ඔහුගේ පවුලේ උදවිය සමඟ අවට කිසිවකුට හෝ අනතුරු ඇඟවීමක් නොකර පිටව ගොස් තිබෙන බවයි.

අනුර ලෙව්කේ කියන කතාව

මේ නිවස හිමි අනුර ලෙව්කේ (58)ට. මේ අයගෙ මුල් පරම්පරාව මාවනැල්ලෙ ලෙව්කෙ  වලව්ව. බිරිය ගීතානි ලෙව්කෙ(54). ඔවුන් සිය දියණිය හා පුතා සමග මෙම නිවසේ පදිංචි වෙලා සිටියා.  දෙදෙනාම තවම පාසල් යනවා. අනුර ලෙව්කේ සිද්ධිය ගැන මෙහෙම කියනවා.

“ පුතාගෙ යාලුවො ටිකක් ආවා. ඔවුන් එනකම් පාන්දර 1 පමණ වනතුරු අපි ඇහැරිලා හිටියෙ. පාන්දර තුනට විතර පිපිරුම් වගේ සද්දයක් ආවා. එහා ගෙදර කෙනා ඇවිත් ටෝච් ගහනවා තේරුණා.  ඔහු කිව්වා පහළ කොන්ක්‍රීට් එක පුපුරලා කෑලි හැලෙනවා වගේ කියලා.

ඒ එක්කම පුතා වාහනේ එළියට ගත්තා. බල්ලො දෙන්නා එලියට ගත්තා. මට තේරුණා ගේ දෙදරනවා වගේ කියලා. ෂර්ට් එකක් දාගන්න හදනකොටම ගෙයි පොළොව ඇල උනා. අපි ඔක්කොම ගෙයින් එළියට පැන්නා. එතකොටම ගේ කඩාගෙන ගියා.“

අනුර ලෙව්කේ කියන්නෙ එවැනි කතාවක්. එහෙත් මේ කිසිවෙක් අනතුරු සිදුවන බව දැනගෙන සෑහෙන වෙලාවක් යනතුරු අනතුරට ගොදුරුවන පිරිසට ඒ ගැන දන්වා නැති බව අසල් වාසීන් කියනවා. ඒ ඔවුන්ගේ පන්තියේ ස්වරූපය. ලෙව්කේ ගෙදරට විනාශය ගැන දන්වපු වංසක්කාර යාබද නිවැසියා අනතුර ගැන අනතුරට ලක් වීමේ අවදානම සහිත පුද්ගලයන්ව දැනුවත් කළේ නෑ කියන චෝදනාව එන්නෙ අසල්වැසියන්ගෙන්..

මේ මිනිස්සු තමන් ගේ පන්තිය ගැන පමණක් කල්පනා නොකර සිදුවෙමින් ඇති අනතුර මිනිස්සුන්ට දැන්නුවා නම් මේ තරුණ යුවලත් කිරිකැටියාත් තවමත් ජිවතුන් අතර.

අප ජිවත්වෙන සමාජය ගැන ලෙව්කේලාගේ පන්තිය ආයෙත් අපට කියලා දීලා තිබුණා.

 

Join @lankasara on Telegram Channel
Tags: ලෙව්කේ මැදුරවිශේෂ
Previous Post

පිපිරෙන්නට පෙර කොටුවෙන යාපනයේ මැර කල්ලිවල පොඩි පොඩි බෝම්බ

Next Post

මුස්ලිම් දේශපාලකයන් තරහ වෙන නිසා ජනපති මෛත්‍රී පස්සේ බලමු කීවා.

Related Posts

අත්‍යාවශ්‍ය සේවා සපයන ඉන්ධන පිරවුම්හල් 66කට පොලිස් ආරක්ෂාව දෙන්න – පොලිස්පති!

මැයි 18, 2022

තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා. “ ජනපති ඩී අයිජී තෙන්නකෝන්ට කෑ ගැහුවා – වෛද්‍ය රමේෂ් පතිරණ

මැයි 18, 2022

සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.

මැයි 18, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අත්‍යාවශ්‍ය සේවා සපයන ඉන්ධන පිරවුම්හල් 66කට පොලිස් ආරක්ෂාව දෙන්න – පොලිස්පති!
  • තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා. “ ජනපති ඩී අයිජී තෙන්නකෝන්ට කෑ ගැහුවා – වෛද්‍ය රමේෂ් පතිරණ
  • සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.
  • අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….
  • මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

ජනප්‍රිය පුවත්

  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටුවන් නිරුවත් කළ පොලිස්පතිගේ වාර්තාව මෙන්න!

    379 shares
    Share 152 Tweet 95
  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටු මන්ත්‍රීවරු නිරුත්තර කළ පොලිස්පතිගේ හෙළිදරව්ව…

    3565 shares
    Share 1426 Tweet 891
  • මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

    172 shares
    Share 69 Tweet 43
  • පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

    172 shares
    Share 69 Tweet 43
  • පොහොට්ටු මැරයන්ගේ ගෝල් ෆේස් ගමන වලකනු එපා යැයි  DIG චන්ද්‍රකුමාරට ඉහළින් දුරකථන ඇමතුමක්!..

    172 shares
    Share 69 Tweet 43
  • ඉන්දික අනුරුද්ධගේ සහ ඩී. වීරසිංහගේ මැරකමට එරෙහිව පාර්ලිමේන්තු ජනමාධ්‍ය සංසදය පොලිසිය යයි!

    218 shares
    Share 87 Tweet 55

Highlights

අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….

මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

සමාවෙන්න හෙටත් පෙට්‍රල් නෑ – ඇමති කියයි

කාලගුණය හරට හිටී…. ගෑස් බෑම නවතී… පෝලිම්වල නොසිට ගෙවල්වලට යන්නැයි ලිට්‍රෝ කියයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අත්‍යාවශ්‍ය සේවා සපයන ඉන්ධන පිරවුම්හල් 66කට පොලිස් ආරක්ෂාව දෙන්න – පොලිස්පති!

by editor
මැයි 18, 2022
0

අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන හා රථ...

තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා. “ ජනපති ඩී අයිජී තෙන්නකෝන්ට කෑ ගැහුවා – වෛද්‍ය රමේෂ් පතිරණ

by editor
මැයි 18, 2022
0

ගාලු මුවදොර පිටියට පසුගිය නම වෙනිදා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist