බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන් ගමන් බලපත්‍රයක් ගන්න ගිය සිම්බාබ්වේ T-10 තරගාවලියට තේරුණ යොවුන් ක්‍රීඩකයෙකුට ආගමන විගමන පාලක පහත් ලෙස බැන පන්නාගෙන…

by editor
සැප්තැම්බර් 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සිම්බාබ්වේහිදී මේ මස 21 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ටී10 ක්‍රිකට් තරගාවලිය සහභාගි වන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ ජනිෂ්ක පෙරේරා සිය ලිපි ලේඛන ද සහිතව ගුවන් ගමන් බලපත්‍රය ලබා ගැනීමට බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට ගිය අවස්ථාවේදී විදේශ ගමන් බලපත්‍ර පාලකවරයා අද (13) එම ක්‍රීඩකයාට පිරිස ඉදිරියේ පහත් ලෙස බැන වැදී පන්නා දැමීමේ පුවතක් ලංකාදීප වාර්තා කර ඇත.

හරාරේහිදී පැවැත්වෙන එම තරගාවලියට 23 හැවිරිදි ජනිෂ්ක පෙරේරා තෝරාගෙන ඇති බවට මීට දින දෙකට පෙර දැනුවත් ඇති බවත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අදාල අනුමත කිරීමේ ලිපි රැගෙන ආගමන විගමන කාර්යාලයට අද ගොස් ඇත්තේ මේ මස 17 වැනිදා සිම්බාබ්වේ වෙත පිටත් විය යුතු වීම නිසාය.

ජනිෂ්ක පෙරේරා මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් බිහිවුන දැනට ලංකාවේ බලාපොරොත්තු උපදවා ගත හැකි පැහැසර අනාගතයක් සහිත ක්‍රීඩකයෙකි. ඉදිරිපෙළ ක්‍රීඩා කරන දකුණත් පිතිකරුවෙකි. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමෙන් පසු ගාලු ක්‍රිඩා සමාජය, මුවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කළ පළමු පෙළ තරග 14ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 05ක් වාර්තා කළ යොවුන් පිතිකරුවෙකි.

මෙම තරගාවලිය රටට වැදගත් වන්නේ රටේ අනාගත ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අවශ්‍ය  අන්තර්ජාතික අත්දැකීම් ලබා ගැනීමට ජනිෂ්ක පෙරේරා වැනි  තරුණයෙකුට ලැබෙන ඉතාම දුර්ලභ අවස්ථාවන් වන බැවිනි. ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කළ නොහැකි වීම ජනිෂ්ක පෙරේරාගේ වරදක් නොවීමත් එසේ නොහැකියාවක් තිබුණත් පුරවැසියෙකුට එම පුරවැසියාගේ ආත්ම ගෞරවය කෙළෙසන ආකාරයෙන් සමාජය ඉදිරියේ බැන වැදීමට කිසිම රාජ්‍ය නිලධාරියෙකුට අයිතියක් නොමැති වීමත් සම්බන්ධ කාරණාව මෙහිදී ලංකාදීප පුවත ඉස්මතු කර පෙන්වයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීන් ඈෂ්ලි ද සිල්වාගෙන් මෙම තරගාවලිය පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ එය සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයෙන් සංවිධාන කරන තරගාවලියක් බැවින් එයට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය හිමිව ඇති බවය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ආගමන විගමන දෙපාර්තමේන්තුව භාර අමාත්‍ය මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මේ පිළිබඳව කළ විමසුමේදී පවසා ඇත්තේ දිනයක් සහ වේලාවක් වෙන්කිරීමෙන් තොරව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කළ නොහැකි බවත් කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයා සම්බන්ධ ගැටලුව පිළිබඳව අවධානය යොමුකිරීමට පැය කීපයක් ලබාදෙන ලෙසත්ය. දිනකට විදේශ ගමන් බලපත්‍ර 750 ක් නිකුත් කරන බවත් සෙසු අයට දිනයක් දෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

මහජන ආරක්‍ෂක අමාත්‍යයේ ලේකම් වියානි ගුණතිලක පවසා ඇත්තේ අදාල ක්‍රීඩකයා ද දිනයක් වෙන්කර ගත යුතු බවත් වෙනත් කිසිඳු ක්‍රමයකින් විදේශ ගමන් බලපත්‍රය ගත නොහැකි බවත්ය.

බලධාරීන් පවසන ආකාරයට රටට තම පුරවැසියෙක් වෙත ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට ඇති නොහැකියාව නිසා මෙම යොවුන් ක්‍රීඩකයාට තරගාවලියට සහභාගිවීම සඳහා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. – (යොහාන් භාසුර)

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෙඹි මන්ත්‍රීවරුන් සහ පක්ෂවල සිටි ජ්‍යෙෂ්ඨයින් අතර ගැටුම පටන් අරන්… පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප පොරය බලු පොරයකට වැටෙන ලකුණු!

Next Post

මැතිවරණ රැළිවලට සෙනග සපයන “මෑන් පවර් ” ආයතන බිහිවෙයි… ප්‍රධාන අපේක්ෂකයෙකුගේ රැළියක් සඳහා පුද්ගලයෙකුට 3000යි… දෙවන පෙළ අපේක්ෂකයෙකුට 1500යි… හිටපු අධිකරණ ඇමති හෙළි කරයි…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.