අද (12) අහමදාබාද්හිදී සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුරින් රමේෂ් විශ්වාස් කුමාර් නම් එක් මගියෙකු පමණක් ගුවන් යානයෙන් පැන මාරාන්තික එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් ආශ්චර්යමත් ලෙස දිවි ගලවාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියා ටුඩේ වාර්තාවට අනුව රමේෂ් විශ්වාස් කුමාර් අසුන් ගෙන සිට ඇත්තේ 11A ආසනයේය.
ගුවන් යානා ආසන සැලසුම් පිළිබඳ මාර්ගගත දත්ත සමුච්ඡයක්වන Aerolopa ට අනුව, එයා ඉන්දියා ගුවන් සේවයට අයත් මෙම බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර්ස් හි 11A ආසනය පිරිමැසුම්දායක පන්තියේ ආසනයකි. එය කැබින් එකේ පළමු පේළියේ පිහිටා ඇත. ජනේලය අසල ඇති එම ආසනය ගුවන් යානයේ දකුණු පසින් පිහිටා ඇති අතර ගුවන් යානයේ පියාපත් වලට පේළි දෙකක් ඉදිරියෙන් එය පිහිටා තිබී ඇත. මෙම සටහනේ එම ආසනය දැක්වේ.

කෙසේ වෙතත් මෙම අනතුරින් සිදුවූ මෙම ආශ්චර්යමත් දිවි ගලවා ගැනීම හැර දැනට ජීවිතය සමග පොර බදන අනෙක් මගීන් ගේ ජීවිත සම්බන්ධව කිසිම විශ්වාසයක් නැති බව ඉන්දියා ටුඩේ වාර්තා කරයි. දැනට පුද්ගලයින් 204කගේ මරණ තහවුරු වී ඇත. 204 දෙනෙකු මියගොස් තිබේ. පොලිසියට අනුව, ප්‍රතිකාර ලබමින් සිටින අයගේ දිවි ගලවා ගැනීමේ අවස්ථා ඉතා අඩුය.
ඉන්දීය හමුදාව, එන්ඩීආර්එෆ්, සීආර්පීඑෆ් සහ වෙරළාරක්ෂක බලකායේ ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයේ සේවය කරමින් සිටිති. පුද්ගලයින් 242 දෙනෙකු සමඟ ලන්ඩන් බලා පිටත් වූ ගුවන් යානය අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරට ලක් විය. මුල් වාර්තාවලට අනුව, ගුවන් යානය ඉහළට ඔසවමින් සිටියදී අනතුර සිදුවිය. මේ වනවිටත් හදිසි සේවා අනතුර සිදුවූ ස්ථානයේ ක්‍රියාන්විතයේ යෙදී ඇත.







