ගාසා තීරයේ අතරමංව සිටි පවුල් දෙකක ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අද (05) අලුයම යළි ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන්තොටුපල ආරංචි මාර්ග සනාථ කරයි.
මීට පෙර, කයිරෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඊජිප්තු බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සහ රමල්ලාහි ශ්‍රී ලංකා නියෝජිතයාගේ සම්බන්ධීකරණයෙන් ගාසා තීරයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනාට කයිරෝ සිට කිලෝමීටර් 320 ක් දුරින් පිහිටි රෆා දේශසීමා හරස් මාර්ගයෙන් ඊජිප්තුවට ඇතුළු වීමට පහසුකම් සැලසීය..
තානාපති කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 03 වැනිදා රෆා දේශසීමාවේ ඊජිප්තු පැත්තේ දී ඔවුන් පිළිගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා කයිරෝ වෙත ප්‍රවාහනය සැපයීමට කටයුතු කර තිබිණි.
පසුගිය 03 වැනිදා ඊජිප්තුවට පැමිණි මෙම පිරිස ගුවන් මගින් ශ්‍රී ලංකාව වෙත අද පැමිණියහ.
ගාසා තීරයේ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙක් ජීවත්වෙමින් සිට ඇති අතර ඔවුනගේන් සිවු දෙනෙකුට පවතින තත්ත්වය මත රැඳී සිටින ස්ථානයෙන් ඉවත්විය නොහැකිවී ඇතැයි වාර්තා වේ.