සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්වල තේක්ක ගස් වට අඩි ගානට විකිනෙනවා වගේ මේ මැතිවරණයෙදිත් මන්ත්‍රීවරු විකිණුනා!

මේ පාර්ලිමේන්තුව ජන වරමේ විකෘති පිළිබිඹුවක්... නව ජනවරමක් සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍යයයි...

by editor
ජූලි 20, 2022
in පුවත්
anura-kumara-dissanayake-in-parliament
Share on FacebookShare on Twitter

ගම්වල තේක්ක ගස්  වට අඩි ගණට  විකිණෙන්නා  සේ  මේ පාර්ලිමේන්තුව තුළ මේ ජනාධිපතිවරණයේ දීත් මන්ත්‍රීවරුන් විකිණුන බවට තමන් විශ්වාස කරන්නේ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද  (20) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

පාර්ලිමේන්තුවේ ඇති පක්ෂ අති බහුතරය ඩලස් අලහප්පෙරුම වෙත සිය ඡන්දය ලබා දීම ප්‍රකාශ වෙද්දී  ලැබුණු  මෙවැනි ප්‍රතිඵලයකින්   ප්‍රකාශ වන්නේ හුදු ප්‍රතිපත්තිමය කාරණා මත පදනම්ව කරන දේශපාලනයක්   නොවන බව කී  අනුර කුමාර දිසානායක ඉතිහාසය පුරා  සිටියේ   තීරණාත්මක අවස්ථාවල දී  මුදලට අලෙවි වුණු    අශිෂ්ඨ දේශපාලකයන්  සහිත පාර්ලිමේන්තුවක් බව  ද පැවසුවේය.

පොහොට්ටුවේ ලේකම් වරයාගේ සහ සභාපතිවරයාගේ කණ්ඩායම් අතර අද පැවති මැතිවරණයෙන් ලේකම්වරයාගේ පාර්ශවය ජය ගත් බවත්, ලේකම්වරයාට අවතාරයක් වැසී ඇති බව සියලු දෙනාම දන්නා බවත් ඔහු කීවේය.

ඔහු කීවේ   ජනතාවගේ කැමැත්තතේ විකෘති පිළිබිඹුවක් වූ මේ පාර්ලිමේන්තුව වෙනුවට නව ජන වරමක් සහිත පාර්ලිමේන්තුවක් රටට අවශ්‍ය බවය.

අනුර කුමාර දිසානයක කී කතාව මෙසේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අපට යම් ශක්තිමත් ප්‍රවිරුද්ධ දේශපාලන කඳවුරක් නිර්මාණය වෙලා තියනවා. ඒ කඳවුරත් එක්ක  එකතුවී මතවාදීව  ගැටෙමින් එය ශක්තිමත් කළ යුතුයි කියන දේ මේ ඡන්ද ප්‍රතිඵල වලින් පෙන්වනවා.

මේ අපේක්ෂකයන් අපූරු සංකලයක්.  සජබෙ නායක තුමා පොහොට්ටුවේ භාණ්ඩාගාරිව  යෝජනා කරනවා. ඒක සමාන්‍යයෙන් කියනවා පොහොට්ටුවෙ සභාපතිගේ පිල කියලා. ඒ ජී.එල් පීරිස් මහත්මයගෙ ස්ථිර කිරීම හරහා.

පාසල් මිතුරා දිනේෂ් ගුණවර්ධන පැරණි වාමාංශික පවුලකින් පැවතගෙන එන, එතුමාගේ යෝජනාවෙන් එජාප නායකතුමා යෝජනා වෙනවා. ඒක නිකම්  පහොට්ටුවේ ලේකම් තුමාගෙ පිල වගේ. හැබැයි ලේකම් තුමාට යම් අවතාරයක් වැසී තිබෙන බවත් අපි දන්නවා.

ඒක තමයි දේශපාලනය.

ඒ කඳවුරු දෙක අතර ඡන්දයක් පැවතුනා. මා අපටට අනන්‍ය අපේ දේශපාලන හා ප්‍රතිපත්ති කේන්ද්‍රගත කරගෙන  තරග වැදුනා. මා මේය කිසිසේත්ම වික්ෂිප්ත භාවයට පත්වන අනපේක්ෂිත ප්‍රතිඵලයක් නෙමෙයි. මේ තමයි අද අපේ රටේ පාර්ලිමේන්තුවේ පෙන්නුම් කරන සංයුතියේ ස්වභාවය.

ඒ වගේම මා විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව තුළ මේ   ඉලක්කම් ඇතුළෙ සංඛ්‍යා දත්ත ඇතුළෙ පෙන්නුම් කරන සංයුතිය නෙමෙයි අද සැබවින්ම මහපොලොවේ සංයුතිය.

ඒ නිසා අද   කවුරුහරි විශ්වාස කරනවා නම් ජනතාවගේ සාධාරණ කැමැත්තේ පිළිබිඹුවක් මේ පාර්ලිමේන්තුව තුළින් දිස්වුනා කියලා එය මුළුමනින්ම මිත්‍යාවක්.

පාර්ලිමේන්තුව තුළ පෙන්නුම් කරලා තියෙන්නෙ ජනතාවගේ කැමත්තේ විකෘති වූ පිළිබිඹුවක්. එළියේ ජනතාවත් මේ සභා ගරභයේ ඔබලාත් අතර විශාල පරස්පරතාවයක් නිර්මාණය වෙලා තියනවා. එළියේ ජනතාවත් මේ සභාවත් අතර විශාල ප්‍රතිවිරෝධයක් නිර්මාණය වෙලා තියනවා. හැබැයි මීට වඩා කිසිවක් මේ පාර්ලිමේන්තුවෙන් මා අපේක්ෂ කරන්නෙ නෑ.

මේ තත්ත්වය ඇතිවූ වහාම අප සියලු දේශපාලන පක්ෂ  හමුවුනා.  ජනාපති ධූරය සඳහා අගමැති ධූරය සඳහා අනාගත බල ව්‍යාපෘති නැති දෙදෙනෙක් තෝරාගනිමු කීවා. ජනාධිපති ධූරය සඳහා කථානායක තුමාගේ නම යෝජනා වුනා. අගමැති ධූරය සඳහා උතුරේ මන්ත්‍රීවරයෙක් වූ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ නම යෝජනා වුනා. එය අපේ රටට මෙවැනි අර්බුදයක දී ගත හැකි මහඟු ආදර්ශයක්.

ගරු කිරීමක් ලෙස කියන්න ඕන. රව්ෆ් හකීම් මන්ත්‍රීතුමා කිව්වා මේ තනතුරු දෙක මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන් දෙදෙනෙකුට ලබා දෙමු කියලා. මේ වගේ වගකීම් සහිත ආදර්ශමත් අවස්ථාවක් අපට පොදු මහ ඡන්දෙදි නිර්මාණය කරගන්න බෑ. එය අප දන්නවා.

මේ තීන්දු ගත්තා නම් මොනතම් ගෞරවයක් මේ සභාවට රට තුළින් ඇතිවෙන්න තිබුණ ද?

එහෙම ආණ්ඩුවක වගකීම් භාරගන්න අප සූදානම් බව ප්‍රකාශ කළා.

හැබැයි කොන්දේසියක් තිබුණා. ආණ්ඩුව  කෙටි කාලයකට පමණක් වලංගු වියයුතුයි කියලා.  කැබිනට් මණ්ඩලය 10කට පමණක් සීමා විය යුතුයි කියලා.  අන්න ඒ මූලික හරයම තමයි ඒ යෝජනාව පරාජයට පත් වෙන්න හේතු වෙන්නේ.

මේ ඇති වී තිබෙන තත්ත්වයෙ දි අපි අසාර්ථක වුනා. අපේ ප්‍රතිප්පත්ති හා අනන්‍යතාවය මත පදනම්ව මා අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වුනා. මා අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වන අවස්ථාවෙදිම මා දන්නවා මෙය තමයි මා හට හිමිවන ප්‍රතිඵලය කියලා. එය කිසිසේත්ම වික්ෂිප්ත භාවයට පත්වෙන ප්‍රතිඵලයක් නෙමෙයි. එය තමයි යථාර්ථය.

බොහෝ ආන්දෝලනයට තුඩු දෙන සිදුවීම් මේ සභා ගර්භය ඇතුළෙ සිදුවෙමින් තිබෙනවා. ඩලස් අලහප්පෙරුමෙ ගරු මන්ත්‍රීතුමන්ගේ පිල හැටියට ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රකාශයට පත් වෙනවා. ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ  පක්ෂ 10ක් ප්‍රකාශයට පත් කරනවා. ස්වාධීන වූ තව කණ්ඩායමක් ප්‍රකාශයට පත් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශයට පත් කරනවා. සජබ ය ප්‍රකාශයට පත් කරනවා.

බැලුවම  කණ්ඩායම් ප්‍රමණයෙන්ම 113 ඉක්මවා යාවි කියලා මා හිතුවා. හැබැයි ඒ ප්‍රකාශයට පත්වූ දේ ඇතුළෙ සැබැවින්ම ඒ සාමාජිකයන් ඒ කණ්ඩායම් ඒ තීන්දුවල නොරැඳෙනවා  ද?. එසේ නොරැඳෙන්නේ ප්‍රතිපත්තිමය කරුණු මත විතරක් ද?

මා විශ්වාස කරනවා එම තීන්දු තීරණවල නොරැඳෙන්නේ ප්‍රතිපත්තිමය සාධක මත පමණක්  ත නොවේ… මේ පාර්ලිමේන්තුව තුළ අප දැක තිබෙනවා තීරණාත්මක අවස්ථාවන්හි දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍ය වූ අවස්ථාවන්හි දී, දින 52 කුමන්ත්‍රණය අවස්ථාවේ දී, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ දී,  පහුගිය 20 වැනි සංශෝධනය සම්මත කරගන්නා අවස්ථාවේ   මන්ත්‍රීවරු එහෙට මෙහෙට අලෙවි වුන අයුරු… එවැනි ඉතිහාසයක් මේ පාර්ලිමේන්තුවට තියනවා.

මන්ත්‍රීවරු විකිණෙනවා හරියට ගම්වල තේක්ක ගහ  වට අඩිගානට විකිණෙනවා වගේ. මා හිතනවා මේකත් එහෙමයි. කාට හරි නෑ කියන්න පුලවන්. ඒකත් මා භාර ගන්නවා.  මේක මගේ අදහස.

මේ කරුණ මෙතන කියන්නෙ නැතිනම් කොතැන ද කියන්නෙ. ගමට ගිහින් කියලා වැඩක් නෑ. ඔබේ මූණට මෙය කිව යුතුයි. එවැනි අශිෂ්ඨ භාවයට පත්වුණු පාර්ලිමේන්තුවක් මේක. එවැනි අශිෂ්ඨ මිනිස්සුන්ගෙන් මේ පාර්ලිමේන්තුව පිරිලා තියනවා. ඒ අශිෂ්ඨ භාවය පිළිබිඹුවක් මේ මැතිවරණයෙන් පිළිබිඹු වුනේ නෑ කියලා මා විශ්වාස කරන්නෙ නෑ.

අද මේ පාර්ලිමේන්තුව මේ ජනතාවගේ සාධාරණ පිළිබිඹුවක් නෙමෙයි. මේ ජනතා කැමැත්තේ විකෘති පිළිබිඹුවක්. එබැවින් මේ පාර්ලිමේන්තුව තුළ බිහිවන කවර වර්ගයේ  ආණ්ඩුවකට හෝ සුජාත භාවක් නෑ  දීර්ඝ කාලයක් මේ රට පාලනය  කරන්න.

ඒ නිසා ඉතා ඉක්මනින් නව ජන වරමකට අවස්ථාව දියයුතුයි කියන ස්ථාවරයේ ඉඳිමින්  මා නතර වෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එළියේ නැගෙන විලාපයට  දැන්වත් ඇහුම්කන් දෙන්නට හැකි මනසක් නිර්මාණය වේවා!

Next Post

මැච් එක පරාදයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.