ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා පාකිස්ථාන් පළමු ටෙස්ට් තරගය කඩුළු 04ක විශිෂ්ඨ ජයග්‍රහණයකින් නිමා කරන්නට පකිස්ථානුවො සමත් වූහ.
ලකුණු 342 ඉලක්කයක් හඹා ගිය ඔවුහු කඩුළු 06ක් පමනක් දැවී සිය විශිෂ්ට ජයග්‍රහණය ලබා ගත්හ. ඒ ගාල්ල ක්‍රීඩා පිටියේ සිව්වන ඉනිම හඹාගොස් ඉල්ලක්කය සපුරා ගැනීමේ අසීරුව මඩිමිනි.
පකිස්ථාන් ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂාෆිකිව් තරගය නිමා වනතුරුම කඩුල්ලේ රැඳ සිටියේ. ඔහු නොදැවී ලැබූ ලකුණු සංඛ්‍යාව ලකුණු 160කි. හතරේ පහර හතක් සහ එක් හයේ පහරක් සහිතව ඔහු ඒ විශිෂ්ට ඉනිම සැරසුවේය. පාකිස්ථානු දෙවන ඉනිම වෙනුවෙන් කණ්ඩායමේ නායක බාබර් අසාම් ලකුණු 55ක් ලබා ගත්තේය. ඉමාම් උල් හක් ලකුණු 35ක්, මොහොමඩ් රිස්වාන් ලකුණු 40ක් ලැබුවේය.
මෙම ඉනිමේත් ශ්‍රී ලංකාව ලබා ගත් කඩුළු 6න් 4ක් ලබා ගත්තේ ප්‍රභාත් ජයසූරිය විසිනි. ඔහු ලකුණු 135ට එම කඩුළු 4 ලබා ගත්තේය. පළමු ඉනිමේ ලබා ගත් කඩුළු 05ත් සමග ඔහු මෙම තරගයේත් ඉනිම දෙකේ දී කඩුළු 09ක් දවාගෙනය. මහේෂ් තීක්ෂණ සහ ධනංජය ද සිල්වා කඩුල්ල බැගින් ලබාගෙන තිබිණි
තරගයේ සිවුවන ඉනිම ආරම්භයේ සිටම පකිස්ථානුවෝ ස්ථාවර පිතිකරණයක් පෙන්නුම් කළහ. ඊයේ දිනය නිමා ඔවුන් කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 222ක් ලබාගෙ ජයග්‍රහණයේ අඩිතාලම දමාගෙන සිටියහ. ජයග්‍රහණය සඳහා ඔවුන්ට අවශ්‍යව තිබුණේ ලකුණු 120කි.
අද උදේ ඔවුන් පිටියට පැමිණියේ එම ලකුණු 120 ලබා ගැනීම සඳහාය. ඔවුහු කඩුළු 03ක් පමණක් දැවී එම ඉල්ලක්කය පසු කර ගියහ.







