ලලිත් චාමින්ද –
ගාල්ල මැටරඹ ප්‍රදේශයේ පුද්ගලික නිවසක සිටි ජර්මන්ජාතික විදේශිය කාන්තාවක් නිවස තුළ දි සැකකටයුතු ලෙස මියගොස් ඇති බැවි හබරාදුව පොලිසිය පවසයි.
මියගිය විදේශිය කාන්තාව 60 හැවිරිදිවියේ පසුවන අයෙකු වන අතර ඇය මෙම නිවසේ තනිව පදිංචිව සිට ඇත. මෙම ජර්මන් ජාතික කාන්තාව වරින්වන ජර්මනියට ගොස් මෙරටට පැමිණ මෙම නිවසේ ගතකොට ඇති බව පොලිසිය පවසයි.
ඇය අවසන් වතාවට ජර්මනියේ සිට මිට සති දෙකකට පමණ ඉහතදි මෙරටට පැමිණ ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
මියගිය විදේශිය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා අද (20) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි.හබරාදුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.







