කාගේත් විශේෂ අවධානයට ලක් වී තිබුණු කොළඹ මහ නගර සභාවේ එක් පක්ෂයක් විසින් දිනාගත් බහුතර සභික ප්‍රමාණයක් දිනා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ. ප්‍රතිශතයක් ලෙස සමස්ථ සභිකයන් ප්‍රමාණයෙන් සියයට 41ක් තනි පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගය දිනාගෙන ඇතත් එය තනිවම පක්ෂයට බලය පිහිටුවීමට තරම් ප්‍රමාණවත් අත්පත් කරගැනීමක් නොවේ.
කොළඹ මහ නගර සභාවට තේරි පත්වුන සභිකයින් සම්පූර්ණ ප්‍රමාණය 117කි. ඉන් සභිකයින් 48ක්ම තේරී පත් වන්නේ ජාතික ජන බලවේගයෙනි. එහෙත් විපක්ෂ කණ්ඩායම් සමස්ථයෙන් සභිකයින් 69ක් නියෝජනය වී ඇත. ඒ අනුව ජාතික ජන බලවේගය දැනට ප්‍රකාශිත ප්‍රතිපත්ති රාමුව තුළ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇත. ආණ්ඩුවට එරෙහිවීම පමණක් ප්‍රතිපත්තිය කරගත් දේශපාලන පක්ෂ සියල්ලටම ඒකාරාශී වී සමගි ජන බලවේගය යටතේ කොළඹ නගර සභාවේ බලය අත්පත් කරගැනීමට හැකි පරිසරයක් ඇති වී තිබේ.
2012 අංක 21 දරන පළාත් පාලන ආයතන ( විශේෂ විධිවිධාන) පනත අනුව තේරී පත්වන සභිකයන් ප්‍රමාණය මත බලය පිහිටුවීම තීරණය වන්නේ නැත. පනතේ දැක්වෙන්නේ මෙසේය.
2012 අංක 21 දරන පළාත් පාලන ආයතන ( විශේෂ විධිවිධාන) පනත අනුව
- පාළත් පාලන පනත අනුව පළාත් පාලන ආයතනයකට තෝරා පත් ගන්නා ධූර ධාරීන් අතරින් එක් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතන ධූර සංඛ්‍යවෙන් සියයට 50කට වැඩි ධූර සංඛ්‍යාවක් හිමි කරගෙන ඇති විටෙක අදාල දේශපාලන පක්ෂයේ ලේකම් හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයා විසින් නම් කරන ආකාරයටත්,
- එසේ නෙවන අවස්ථවක අදාල පළාත් පාලන ආයතනයේ පළමු රැස්වීමේ දී පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලසනය යටතේ තේරී පත්වී ඇති ධූර ධාරීන්ගේ ඡන්දයෙන් නගරාධිපතිවරයා හෝ සභාපතිවරයා තෝරා පත් කරගන්නේය.
මේ අනුව සමගි ජන බලවේගයට සභිකයින් 29කි. එක්සත් ජාතික පක්ෂයට සභිකයින් 13ක් හිමි වී තිබේ. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට වු පූර්ව අදහස මත එම පක්ෂ දෙක එක් වුව ද කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ප්‍රමාණවත් බලයක් ලැබෙන්නේ නැත. එම පක්ෂ දෙකම එක් වුව ද සභිකයින් සංඛ්‍යාව 42කි. දැනටත් සමගි ජන බලවේගයේ සිටින මුස්ලිම් කොංග්‍රසයේ සභිකයින් සිවු දෙනාද එක්වන විට සභිකයින් සංඛ්‍යා 46කි. පොහොට්ටුව සම්බන්ධ කර නොගත්තත් තවත් සුළු පක්ෂ සභිකයින් සම්බන්ධ කරගෙන බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් පෙන්වීමට සමගි ජන බලවේගයට ඇති හැකියාව වැඩිය.
මක් නිසාද යත් පොහොට්ටුවට සභිකයින් 05ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංගස්රයට සභිකයින් 04ක්, සර්ව ජන බලයට සභිකයින් 02ක්, එක්සත් සාම සන්ධානය සභිකයින් 02ක්, සහ නිදහස් ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජාතික ජනතා පක්ෂය, සභිකයින් එක බැගින් ද, දිනාගෙන තිබෙන බැවිනි.
කොළඹ මහ නගර සභාව රට සේම වැදගත් පරිපාලන ආයතනයක් වීම කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමේ වැදගත්කම දේශපාලනිකව වැදගත් වී ඇත.







