නායයාමක් හේතුවෙන් ඇනහිට තිබූ කොළඹ-නුවර දුම්රිය ධාවනය හෙට සිට යළි සුපුරුදු පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්මේන්තුව පවසයි.
කඩිගමුව දුම්රිය ස්ථානය අසලදී මාර්ගයේ සිදුවූ නායයාමක් හේතුවෙන් පසුගිය 9 වැනිදා සිට එම මාර්ගයේ දුම්රිය ධාවනය ඇනහිට තිබුණි.
දින කිහිපයක් තිස්සේ පැවති අධික වැසි තත්ත්වය හේතුවෙන් නායයාම සිදුවී තිබුණි.
මේ වනවිට දුම්රිය මාර්ගය මුළුමනින්ම යථාතත්වයට පත්කර ඇත.