අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය සරුයි…. දිමුත් ශතකයයි… පැතුම් ධනංජය අර්ධ ශතක…  කඩුළු 03ට 267යි…

by editor
නොවැම්බර් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අද (21) ගාල්ලේ දී ආරම්භ වුණු ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු තරගේ පළමු දිනය අවසන්ය. ශ්‍රී ලංකාව විශාල බලාපොරොත්තුවක් සමගිනි.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු තුනක් දැවී ලකුණු  267ක් ලබාගෙනය.

නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රීඩකයෙකු සතු පරිනතිය පෙන්නුම් කළේය. ඔහු පන්දු 265කට මුහුණ දෙමින් ලකුණු 132ක් සහිතව නොදැවී ක්‍රීඩා කරන්නේය.  ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්න ලකුණු 139ක විශිෂ්ට ආරම්භයක් කණ්ඩායමට ලබා දුන්නේය.

49 වැනී ඕවරයේ පළමු පන්දුවේ දී මුල්ම කඩුල්ල ලෙස දැවී යන්නේ පැතුම් නිශ්ශංකය. ඔහු ෂැනොන් ගේබ්‍රියල්ගේ පන්දුවකට පළමු ස්ලිප්හි සිටි කොන්වෙල් අතට උඩ පන්දුවක් ලබා දුන්නේය. ඔහු දැවී යන්නේ සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ලකුණු 56ක් ලබා සිටියදී ය.  ඒ සඳහා පැතුම් පන්දු 140කට මුහුණ දුන්නේය. හතරේ පහර 07ක් එල්ල කළේය.  පළමු කඩුල්ල ලෙස පැතුම් දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 132කි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අනතුරුව පිටියට පැමිණි ඕෂධ ප්‍රනාන්දු පන්දු 27කට මුහුණ දුන්නේය. ඔහු ලබා ගත්තේ ලකුණු 03ක් පමණි. රොස්ටන් චේස් ගේ පන්දුවට ෂෝට් ලෙග්හි පන්දු රැකි බෝනර් අතට උඩපන්දුවක් දී ඕෂද දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 164කි.

ඇන්ජලෝ මැතිව්ස්ට ද සාර්ථක වීමට බටහිර ඉන්දීය කොදෙව්වන් ඉඩ දුන්නේ නැත. නැවත වරක් ක්‍රියාත්මක වූ රොස්ටන් චේස් ගේ පන්දුවකට ඉදිරියට පැමිණ ඉහලින් පහරක් එල්ල කිරීමට ගිය මැතිව්ස් ඩීප් මිඩ්විකට්හි පන්දු රැකි ජේසන් හෝල්ඩර් අතට උඩපන්දුවක් දී දැවී යනවිට ඔහු රැස් කරගෙන සිටියේ ලකුණු 03ක් පමණි. දෙවන කඩුල්ල දැවී ලකුණු 6කින් , ලකුණු 170 දී තුන්වන කඩුල්ලත් දැවී ගියේය. මැතිව්ස් ලකුණු 03 ලබා ගත්තේ පන්දු 25කට මුහුණ දෙමිනි.

අනතුරුවට පිටියට පැමිණියේ ධනංජය ද සිල්වාය. ධනංජය ඉහළ විශ්වාසයක් සහිතව වේගවත් පිතිකරණයක නිරත වූයේය. ඔහු ලකුණු 56ක් ලබා ගත්තේ පන්දු 77කට මුහුණ දෙමිනි. හතරේ පහර 5ක් එම ලකුණු 56ට එක් විය.

ශ්‍රී ලංකාව සුබදායි තැනකය. දිමුත් නොදැවී ලකුණු 132කි. ධනංජය නොදැවී ලකුණු 56කි. සිවුවන කඩුල්ල වෙනුවෙන් මේ දෙපළ ලකුණු 97ක නොබිඳුණු සබඳතාවයක් සහිතවය.

අනතුරට ලක් වූ ජෙරමි සොලෝසානෝ පිටියෙන් රැගෙන යන අයුරු

පන්දු යැවීමේ දී  රොස්ටන් චේස් පන්දු ඕවර 17ක් යවා ලකුණු 42කට කඩුළු 02ක් ලබා ගත්තේය. ෂැනොන් ගේබ්‍රියල් ලකුණු 56කට කඩුල්ලක් දවාගෙන තිබිණි.

දිවා විවේකයට ස්වල්ප වෙලාවකට පෙර තරගයේ 24 වැනි ඕවරයේ අවාසනාවන්ත සිදුවීමක් විය.  ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු ජෙරමි සොලෝසානෝගේ  හිස්වැස්මේ දිමුත් කරුණාරත්න එල්ල කර  පන්දුව වැදීමෙන් ඔහු බිම ඇදවැටුණේය.

අනතුරුව ක්‍රීඩාංගනයෙන් රැගෙන ගිය ඔහු ස්කෑන් පරීක්‍ෂණයක් සඳහා ගිලන් රථයකින් ගාල්ලේ සිට කොළඹ ජාතික රෝහලට ගෙනෙනු ලැබුවේය. ඔහුගේ තත්වය බරපතල නොවන බව වාර්තා විය.

හෙට තරගයේ දෙවන දිනයයි.

 

Share69Tweet43
Previous Post

යූරියා තමයි අපි ඇඟේ ගාන ක්‍රීම්වලත් තියෙන්නෙ… නරක නම් ඇඟේ ගාවියෑ…. කෘෂිකර්ම ලේකම් අද කිව්ව අමුතු කතාව

Next Post

කොළඹ-නුවර දුම්රිය හෙට සිට සාමාන්‍ය පරිදි වැඩ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.