දැනට ආන්දෝලනයට ලක් වී ඇති නැනෝ නයිට්‍රිජන් පොහොර ආනයනයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බවත් එම සියලු ආනයනයන් සිදුකළේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටෙත් බවත් කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අද (21) මාධ්‍ය අමතා පැවසුවේය.
ඔහු මෙසේ කීවේය.
“මගේ අමාත්‍යාංශය තියෙන්නෙ කාබනික වගාව. කාබනික වගාව කියන්නෙ පිටරටින් පොහොර ගෙනල්ලා කරන වගාවකට නෙමෙයි.“
“එහෙම වගාවකදි මගේ කිසිම සම්බන්ධතාවයක් නෑ පොහොර ආනයනයට. මම මේ අමාත්‍යාංශය භාරගන්නෙත් ජූනි මාසයේ දි. මේ කටයුතු සිදු කිරීමේ දී සියලු තීන්දු තීරණ ගත්තේ කෘෂීකර්ම අමාත්‍යාංශය. “
“විශේෂයෙන්ම මම මේ කිසිම ගනුදෙණුවකට සම්බන්ධතාවයක් නෑ“. රාජ්‍ය ඇමතිවරයා එසේ කීවේය.
නමුත් පසුගිය 18 වැනිදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රශ්නගත නැනෝ නයිට්‍රිජන් පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙවැනි කතාවකි.
“මම කෘෂිකර්ම අමාත්‍යවරයා. පොහොර අමාත්‍යාංශයෙන් තමයි මේ සියලු කටයුතු කරන්නෙ. මට පොහොර අමාත්‍යාංශය දෙන තොරතුරු තමයි මම කියන්නෙ. මා සිදු කළේ මේ පොහොර ගෙන්වූ සමාගමත් එක්ක සාකච්ඡා කරලා නැනෝ යූරියා බෝතලය ඩොලර් 10කට අඩු කරන්න කටයුතු කිරීමයි.“