කොළඹ කුරුණෑගල සහ බොරලැස්ගමුව ප්‍රදේශයන්හි මේ වන විට පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර යන B 1.1.7 ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ ආර්චාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.
මෙම ප්‍රදේශවල ආසාදිත පුද්ගලයින්ගෙන් ලබා ගත් නියදි 43 පරික්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව මෙසේ පැතිර යන වයිරසය කුමක්ද යන්න හඳුනාගත් බව අධ්යක්ෂවරයා පැවසීය.
එසේම රටේ අනෙකුත් ප්‍රදේශයන්ගෙන් පැතිර යන කොවිඩ් වයිරසය කුමක්ද යන්න පිලිබඳව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර අති බැවින් ඉදිරි සතියේදී එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ හැකි යැයිද ඔහු කීවේය.
එංගලන්තයේ පැතිර යන වයිරසය මගින් මරණය කරා ලඟාවීමට ඇති හැකියාව සියයට 55ක් වන අතර රෝගය පැතිර යාමේ වේගය සියයට 50ක් යැයි වෛද්‍ය ජීවන්දර මහතා සඳහන් කරයි.