දිනසේන රතුගමගේ –
කොරෝනා මර්දන එන්නත ලබා ගත් කිළිනොච්චියේ ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන් 27 දෙනෙකු අසාත්මිකතාවයක් හේතුවෙන් අද 25 දා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
ඔවුන් එන්නත පෙර දිනයේදී ලබාගෙන සේවය සදහා පැමිණීමෙන් පසුව හිසරදය ඔක්කාරය හා හිස කැරකවීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඔවුන්ව ඇඟලුම් කම්හල් වාහනවල දමාගෙන විත් රෝහල් ගත කොට තිබේ.
මේ පිළිබදව කිළිනොච්චිය රෝහලෙන් විමසූ විට එහි කාර්ය බාර වෛද්‍යවරයා පැවසුවේ රෝගීන් යම් අසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල් ගත කොට ඇතත් ඒය එන්නත් විෂවීමක් නිසා සිදු වූවක්ද යන්න ස්ථිර වශයෙන්ම තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවයි.
ඇගලුම් කම්හලේ එක් සේවකයෙකු ප්‍රකාශ කළේ එන්නත ලබා ගැනීමට පෙර මේ කිසිදු අයෙකු අසාත්මිකතාවයකින් නොපෙළුණු බවත් එන්නත් ලබා ගැනීමෙන් පසුව පිරිසක් රෝගී වි ඇති බවත්ය.