fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොල්ලුරේ ගේ අවිනීත කතාව හෙට පාසල් එන්න හිටි වයඹ ගුරු විදුහල්පතිවරුත් ගෙදර නවත්වයි !

කොල්ලුරේ සභාපතිත්වය දරන කොමියුනිස්ට් පක්ෂයත් ඔහුගේ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකී!

මාස 8ක් ago
in පුවත්
502 5
0
raja-kollure
Share on FacebookShare on Twitter

කලාප අධ්‍යක්ෂවරු මාර්ගයෙන් හෙට (21) පාසල්  නොපැමිණෙන ගුරු විදුහල්පතිවරුන්ගේ නාම ලේඛනය ගෙන්වා ගැනීමෙන් පසු ඔවුන්ගේ    නොවැම්බර් මස වැටුප  කපා හරින බවට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා කළ ප්‍රකාශයත් සමග හෙට පාසල් පැමිණීමට සූදානමින් සිටි අති බහුතරයක් වයඹ ගුරුවරු ද පාසල් නොපැමිණීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මාධ්‍ය හමුවක් කැඳවමින් වයඹ ආණ්ඩුකාරවරයා කීවේ වෘත්තීය  සමිතිවලට රාජ්‍ය ආයතන විවෘත කෙරෙන දින තීරණය කල නොහැකි බවත්,  21 හා 22, පාසලට නොපැමිණෙන ගුරු විදුහල්පති වරුන්ට 25, දින පාසලට ඇතුළු වීමට තමා ඉඩ නොදෙන බවත් ඔහු කීවේය.

ලංකා ගුරු සේවා සංගමයේ වයඹ පළාත් ශාඛාවේ ලේකම් එම්. ඒ. විමලසිරි අද මාධ්‍ය අමතා පැවසුවේ මෙවැන්නකි.

”පුළුවන්නම් මේ මාසයේ වැටුප නවත්තන්න අපි ඒවාට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්න අපි ලෑස්තියි.“

ලංකා ගුරු සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් සභාපති සරත් ප්‍රේමසිරි  ආණ්ඩුකාරවරයාට අභියෝග කර කියා සිටියේ,  ”කවුරු මොනවා කිව්වත් අපි 21 වර්ජනය නිරත වෙනවා. 22 අපි ඉස්කෝලේ යන්නේ නැහැ. අපි 25 ඉස්කෝලේ යනවා. පුළුවන්නම් ගුරුවරු නවත්තන්න” කියාය.

වෘත්තීය අරගලය පැත්තක තබා හෙට පාසල් විවෘත කිරීමට සූදානම් වූ  විදුහල්පතිවරයෙක් ලංකසර ඇමතුවේය. ඔහු කීවේ මේ අශිෂ්ඨ ප්‍රකාශ   තමන් ඇතුලු විදුහල්පතිවරුන් ගණනාවකගේ හෙට පාසල් ගමන වැළැක්වූ බවය.

“ මේ කතාව නිසා මා දන්නා තරමින් විදුහල්පතිවරු විතරක් නෙමෙයි වයඹ පළාතෙ ගුරුවරුන් ගණනාවක් හෙට පාසලට එන එක නැවැත්තුවා. ආත්ම ගෞරවයක් ඇතිව කොහොම ද අපි වැඩ කරන්න යන්නේ මේ වගේ හැසිරෙන දේශපාලකයො එක්ක. ගුරු සටන වෙනුවෙන් නෙමෙයි, ආත්ම ගෞරවය වෙනුවෙන් අපි අපේ නොවැම්බර් වැටුප දෙන්න ලෑස්තියි.“

ඔහු කීවේය.

මේ අතර වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ   සභාපතිත්වය දරණ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයම ඔහුගේ ප්‍රකාශය හෙළා දුටුවේය.

එම පක්ෂය අද නිවේනදය කළේ, නැවත පාසල් අධ්‍යාපනය ආරම්භ කළ හැකි ආකාරයේ එකඟතාවක් ඇතැයි පෙනී යන අතර ඇතැම් පාර්ශ්ව ප්‍රකෝපකාරී ප්‍රකාශ කරමින් ගොඩනැගෙමින් ඇති යහපත් හා සුබවාදී පසුබිම විනාශ කිරීමට කටයුතු කරන ආකාරයක් පෙනී යන බවය.

ගුරු විදුහල්පති වෘත්තිකයින් ඉලක්ක කර නැගෙන සියලු ආකාරයේ තර්ජනාත්මක ප්‍රකාශ පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. විරසිංහ මහතාගේ අත්සනින් නිකුත්කළ නිවේදනයේ සඳහන් ය.

වැටුප් අත්හිටුවීම් හෝ විනය ක්‍රියාමාර්ග පිළිබඳ තර්ජනවලට වඩා අවශ්‍යව ඇත්තේ රජය සහ ගුරු විදුහල්පති ප්‍රජාව එක්ව ක්‍රියාකොට පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය නැවත පණගැන්වීම බව ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අවධාරණය කර තිබේ.

 

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

කෙහෙලිය – ජයසුමන ගැටුම උග්‍රයි… ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිත් ඉල්ලා අස්වේ…

Next Post

අයර්ලන්තය පරදී… ශ්‍රී ලංකාවට ලකුණු 70ක ජයක්!

Related Posts

දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …

ජූනි 29, 2022
fuel

තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…

ජූනි 29, 2022

කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…

ජූනි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …
  • තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…
  • රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !
  • ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    237 shares
    Share 95 Tweet 59
  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

    172 shares
    Share 69 Tweet 43
  • “ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

    172 shares
    Share 69 Tweet 43
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    221 shares
    Share 88 Tweet 55
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

    172 shares
    Share 69 Tweet 43

Highlights

රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !

ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ලංකා හොස්පිටල්ස් 2022 මුල් කාර්තුවේදී ඉතා විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

කටුබැද්ද ද්වි පුද්ගල ඝාතනය කුඩු සලිඳුගේ වැඩක් දැයි සැකයක්…

තෙල් ජවාරමට ගෑවිලාවත් අහුවෙන්න එපා – පොලිස් නිලධාරීන්ට පොලිස්පති දන්වයි…

“ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …

by editor
ජූනි 29, 2022
0

බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු...

fuel

තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…

by editor
ජූනි 29, 2022
0

යළි පෙට්‍රල් තොගයක් රටට එන්නේ තව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist