ශ්‍රියානි විජේසිංහ –
කොළඹ ජාතික රෝලේ වෛද්‍යවරයෙකු පසුගියදා සිදු කළ මුදල් මංකොල්ල කෑමේ සිද්ධිය හේතුවෙන් රෝහලේ ආරක්ෂාව දැඩි කිරිමට තීරණය කළබව නියෝජ්‍ය අධ්යක්ෂ චන්දන ගජනායක සඳහන් කළේය.
විශේෂයෙන්ම රෝහලේ සරප් අංශයේ ආරක්ෂාව සඳහා සීසීටීවී කැමරා සවිකිරීම කෙරෙහි මේ වන විටත් අවදානය යොමු කර ඇතැයි ද හෙතෙම පැවසීය
ආරක්ෂක අංශවලින් අවශ්‍ය උපදෙස් ලබා ගනිමින් රෝහලේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩ පිළිවෙළ ඉදිරි සතිය තුළදී ක්‍රියාත්මක කිරීමට කටයුතුකරන බව ද අධ්යක්ෂවරයා පැවසීය.
ජාතික රෝහල තුළ ඉදිරියේ දී මෙවැනි අපරාධයන් සිදු නොවීම සඳහා ගත හැකි සෑම ආරක්ෂක විධි විධානයක්ම ගැනීමට කටයුතු කරන බව ද වෛද්‍ය ගජනායක සඳහන් කළේය.