බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුපාඩි වැඩ කර මාධ්‍යයත් ඇන්දවූ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්ගේ ඉඩම් ජාවාරම සමන්ත විද්‍යාරත්න හෙළි කරයි…

by editor
ජනවාරි 9, 2025
in පුවත්
SAMANTHA
Share on FacebookShare on Twitter
  • රක්ෂිතයක් මැද ඉඩම් අක්කර 4500ක් කොල කෑල්ලක් නැතිව අක්කරය රුපියල් ලක්ෂය බැගින් ආයෝජකයින්ට විකුණලා….

  • ඒ ඉඩම් මැද්දෙන් අක්කර 18ක් තමන්ටත් වෙන් කරගෙන…. ඒ හොර අත්සන් ගසා හොර හැඳුනුම්පත් අංක සහිත බොරු අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන්….

  • ජනාධිපති ලේකම් වෙනුවට අත්සන් කරමින් එම භූමියට වහාම රජයේ වියදමින් විදුලිය දෙන්න කියලා තමන්ම විදුලිබල මණ්ඩලයට නියෝග කරලා….

  • මේ භූමියේ අඹ වගාවක් කරන්න යෝජනා කර රජයෙන් නොමිලේ ගොවීනට බෙදා දෙන අඹ පැල අරන් ඇවිත් මුදලට විකුණලා…

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් අංකයක් සහ ව්‍යාජ අත්සනක් යොදා කේ.ටී රන්ජිත් නමින් අයදුම්පතක් ඉදිරිපත් කර රක්ෂිතයක් මැද ඉඩම් අක්කර 18ක් අල්ලාගෙන, එම ඉඩම සහිත රක්ෂිත  භූමි ප්‍රදේශයට රජයේ මුදලින් කෝටි 12ක් වැය කර විදුලිය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා වෙනුවට විදුලි බල මණ්ඩලයට නියෝග  ව්‍යාපෘතියක් ද අනුමත කරගැනීමෙන් පසු එය ක්‍රියාත්මක කරවූ  හිටපු ආණ්ඩුකාර සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රජා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්   රජිත් කීර්ති තෙන්නකෝන් කළ නිහීන ජාවාරමක් අද (09) සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා විසින් හෙළි දරවු කළේය.

අහිංසක ගැමියන් පිරිසකගේ ගම්මානයකට විදුලිය ලබා දීමට එරෙහිව සමන්ත විද්‍යාරත්න ඇමතිවරයා කටයුතු කරන බවත්, එම විරෝධයට හේතුව උමා ඔය ව්‍යාපෘතියේ දී එම ගැමියන් ඔහුට විරුද්ධ වීම නිසා බවත් කියමින් රජිත් කීර්ති තෙන්නකොන්ගේම මැදිහත් වීමෙන් පුවත්පත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ   පලවී තිබුණ පුවත සම්බන්ධව යථාව හෙළි කරමින්  අමාත්‍යවරයා  මෙම හෙළිදරව්ව සිදුකළේය.

පවතින යථා තත්ත්වය සාක්ෂි සාධක සහිතව හෙළි කරමින් සමන්ත විද්‍යාරත්න ඇමතිවරයා වර්ෂ 2013 දී ගැසට් කරන ලද අක්කර 44422.5ක භූමි ප්‍රමාණයක් ආවරණයවන බෝගහ පැලැස්ස රක්ෂිත ගැසට් කරන ලද ගැසට් පත්‍රය ඉදිරිපත් කළේය.

ගම සමග පිළිසඳර වැඩසටහනක දී  පිටවුන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කට වචනයට අනුව පසු කාලයේ දී  රන්ජිත් කීර්ති තෙන්නකෝන්   ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් වරයෙක් ලෙස තමන්ගේ බලතල භාවිතා කරමින් බෝගහපැලැස්ස රක්ෂිතය මැද අක්කර 5482ක් රුපියල් ලක්ෂය බැගින් අක්කරයකට අය කරගෙන ආයෝජකයින් අසූ ගණනකට බෙදා දුන් ආකාරයත්,  කේ.ටී රන්ජිත් නමින් රජිත් කීර්ති තෙන්නකෝන් විසින්  ව්‍යාජ හැඳුනුම්පත් අංකය සහ අත්සන ද සහිතව ඉඩම් අක්කර 18ක් එම භූමියෙන් ලබා ගැනීමට ඉදිරිපත් කළ අයදුම්පතත්, රජයෙන් ගොවීන් වෙත නොමිලේ ලබා දුන් ටොම් ජේසී අඹ පැල රුපියල් 375 ගණනේ එම ඉඩම්වල වගාකරුවන්ට විකිණූ ආකාරයත් ඇමතිවරයා විසින් පියවරින් පියවර හෙළි කරනු ලැබුවේය.

ඇමතිවරයා පැවසුවේ අන්නාසිගල ගොවි සංවිධානයක් නමින් මේ පෙනී ඉන්නේ ජාවාරම් කරුවන් පිරිසක් බැවින් රක්ෂිතය මැද කිසිම හිමිකමක් නැති භූමියකට විදුලිය සැපයීම කිසිසේත් සිදුනොකරන බවය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එමෙන්ම පාරම්පරිකව ජීවත්වන විදුලි පහසුකම නැති උණකන්ද ගම්මානයේ ගැමියන්ට විදුලිය අනාවර්යයෙන් ලබා දෙන බවත් ඇමතිවරයා පැවසුවේය.

මේ වනවිට රජිත් කීර්ති තෙන්නකෝන් ගේ මේ ජාවාරම්කාර හැසිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බව පැවසු සමන් විද්‍යාරත්න ඇමතිවරයා රක්ෂිතයක් මැදට ජනතා මුදල් වැය කරමින් විදුලි රැහැන් ඇදීම සම්බන්ධව විදුලි බල මණ්ඩලයෙනුත්, මේ අනීතික හැසිරීමට ඉඩ දුන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනුත් විශේෂ විමර්ශන ඉල්ලා ඇති බවත් එම විමර්ශන මේ වනවිට ක්‍රියාත්මක බවත්ය.

අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ විමර්ශනත් සමග ඉදිරියේ දී තවත් බොහෝ කරුණු හෙළි වනු ඇතැයි ඇමතිවරයා කීවේය. එම මාධ්‍ය සාකච්ඡාව පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිලිත් කිව්වට වැඩිය හොඳන් මිනිස්සු එයාව දන්නේ ඇන්ටිජන් කිව්වම… කොවිඩ් කාලේ දිලිත් දාපු ඩීල් වසන්ත සිහි කරයි!

Next Post

පේරාදෙණිය සරසවි කෞතුකාගාරයේ පුරාවස්තු කොල්ලය… දින දෙකක් පුරා සීඅයිඩී විමර්ශන පැවැත්වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.