බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිලිත් කිව්වට වැඩිය හොඳන් මිනිස්සු එයාව දන්නේ ඇන්ටිජන් කිව්වම… කොවිඩ් කාලේ දිලිත් දාපු ඩීල් වසන්ත සිහි කරයි!

by editor
ජනවාරි 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිලිත් යැයි කියනවාට වඩා හොඳින් ඇන්ටිජන් යැයි පැවසූ විට දිලිත් ජයවීරව රටේ ජනාතව දන්නා බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අද පාර්ලිමේන්තුවේදි පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ දිලිත් ජයවීර විසින් සිදුකළ දීර්ඝ විවේචනයකින් අනතුරුව මතුවුන ප්‍රශ්න කීපයක් සම්බන්ධව මතුකරමිනි. දිලිත් ජයවීර අද ප්‍රකාශ කළේ ආදායම් වියදම් වාර්තාවක් පවත්වාගෙන යන ඕනෑම පුද්ගලයෙකුට මැතිවරණයට පෙර ආණ්ඩුව ලබා දුන් පොරොන්දු එකක්වත් ඉටු කළ නොහැකි බව තේරුම් ගත හැකි බවත් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර කළ යුත්තේ තමන් දුන් පොරොන්දු එකක්වත් ඉටු කළ නොහැකි බවට ජනතාව අභිමුවට ගොස් පවසා ජනතාවගෙන් සමාව අයැදීම බවත්ය.

එමෙන්ම තමන් ව්‍යවසායකයෙක් බව කී දිලිත් ජයවීර තමන් සපත්තු ඇඳුම් බෙල්ට් කාගෙන් හෝ ඉල්ලාගෙන අඳින කෙනෙක් නොව, ජූලි වර්ජකයෙකුගේ පුතෙක් ලෙස ගමෙන් කොළඹ පැමිණ කොළඹ අතික්‍රමණය කළ පුද්ගලයෙක් බව පැවසුවේය. එමෙන්ම තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ පාර්ලිමේන්තු කැන්ටිමෙන් කෑම කන්නට නොව ව්‍යවසායකයෙක් ලෙස පාර්ලිමේන්තුවට යමක් ලබා දීමට බව ද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙම පාර්ලිමේන්තුව කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සාභාව නොව රටට වගකිවයුතු ආයතනයක් බවත්, ජනතාව විශ්වාස කළ සුසමාදර්ශය මේ පාර්ලිමේන්තුවේ නැති බවත් කී දිලිත් ජයවීර තමන් සමග සරසවියේ සිටි සරසවි මිතුරන් ද ආණ්ඩුවේ සිටින බව පැවසුවේය . ජනතා විමුක්ති පෙරමුණේ ෆ්ලැට් න්‍යාය කුඩු කර දැම්මේ කෙසේ දැයි ඒ සරසවි මිතුරන් දන්නා බව ද කීවේය.

ඒ අතර තමන් ඇන්ටිජන් විකුණුවේ අඩුම මිලට බවත් එකක් 1146.20ක් බව සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශයක් ලෙස හැන්සාඩ්හි වාර්තාගත වී ඇති බවත් පැවසුවේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මේ දීර්ඝ කතාවට කෙටි පිළිතුරක් ලබා දෙමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ වීදුරු ගෙවල්වල සිට ගල් නොගසන ලෙසය. අමු බොරු නොකියන ලෙසය.

“දිලිත් ජයවීර මන්ත්‍රීතුමත් මේක ඇතුළෙ ඉඳලා බොරු කතාවක් කියලා ගියා මේ ඇන්ටිජන් සම්බන්ධයෙන්. මොකද ඇන්ටිජන්වලට එතුමත් සමබන්ධයි. දිලිත් කිව්වට වඩා ඇන්ටිජන් කිව්වම රටේ මිනිස්සු දන්නවා එතුමව.”

“ඒ කියන්නේ ව්‍යසනයක් ආපු වෙලාවක ඇන්ටිජන් රටට එන්න කලින් දිලිත් ඇන්ටිජන් රටට ගේන්න ගියා. හැබැයි ඇන්ටිජන් ගේන්න යනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිවත් නොකරපු ජොර්ජ් ස්ටුවට් සමාගමට අයිති අනුබද්ධ ආයතනයක් එකක් ගෙනාවා. අඩුම ගානේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙලා තිබුණේ නෑ.  ”

“ගනුදෙනුව කෝටි 220ක්. බිලියන 2.2ක් වටිනාකමක් තියන ගනුදෙනුවක් තමයි මේ සමාගමත් එක්ක කළේ. ඒක විතරක් නෙමෙයි ගරු කාරක සභා සාභාපති තුමියනි. මේ ගනුදෙනුවත් එක්ක ඔහුගේ සමාගම සම්බන්ධ හෝටල්වලට නිරෝධායන කටයුතු සඳහා කටුනායකින් එන අයට කටුනායකයින් බස්වලට නන්වලා අරන් ගිය බිස්නස් එක කළෙත් මෙතුමා සම්බන්ධව. ”

“ඒ නිසා සමහර අයට කියනවා වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න එපා කියලා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

උණවටුනේ සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින් යද්දෙහිමුල්ලේ උද්ඝෝෂණයක…

Next Post

කුපාඩි වැඩ කර මාධ්‍යයත් ඇන්දවූ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්ගේ ඉඩම් ජාවාරම සමන්ත විද්‍යාරත්න හෙළි කරයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.