ලලිත් චාමින්ද –
උණවටුන යද්දෙහිමුල්ල සංචාරක කලාපයට බර වාහන ඇතුළු කිරීමට විරෝධය පළ කරමින් හා එසේ ඇතුළු කරන රථවාහන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අද (09) පස්වරුවේ උණවටුන යද්දෙහි මුල්ල මංසන්ධියේදී උණවටුනේ සංචාරක ව්‍යාපාරිකයින් පිරිසක් උද්ඝෝෂණයක නිරතවුහ.
ඊයේ (09) දිනයේ උණවටුන යද්දෙහිමුල්ල සංචාරක කලාපයේ මාර්ගය දෙපස පුවරු ඉවත් කිරීම හබරාදුව ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරනු ලැබිය.. තමන්ට එක් නීතියක් සහ උණවටුනේ මහා පරිමාණ ව්‍යාපාරිකයෙකුට තවත් නීතියක් ක්‍රියාත්මක කරන බවටද මෙහිදී විරෝධතා කරුවන් චෝදනා කර සිටියහ..
මෙම විරෝධතාවය යද්දෙහි මුල්ල මංසන්ධියේදී පැයක පමණ කාලයක් පැවැත්විණි.. මෙම විරෝධතාවය පැවැති අතරවාරයේදී යද්දෙහි මුල්ල මාර්ගයේ බර වාහනයක් ධාවනය වීමත් සමඟ විරෝධතා කරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද හටගනු ලැබිය.
මෙම විරෝධතාවය සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ සංගමය මගින් සංවිධානය කොට තිබුණි.







