සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු විකුණන එකෙක්වත් ඉතිරි කරන්නෙ නෑ… පොලිස් ඇමති වැඩ බලන පොලිස්පතිත් ලඟ තබාගෙන  පාතාලය සහ මත්කුඩු ජාවාරම නිමා කරන දින වකවානු කියයි!

by editor
දෙසැම්බර් 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කුඩු විකුණන එක් අයෙක්වත් ඉතිරි නොකරන බවත් මැරුම් නොකා පාතාලයෙන් සහ කුඩු ජාවාරමින් ඉවත්වන ලෙසත්  මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් අද (16) පාතාලයට සහ කුඩු ජාවාරම්කරුවන්ට නිල වශයෙන් දැන්වූයේය.

ඇමතිවරයා මේ දැනුම්දීම සිදුකළේ   ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම උදෙසා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ පැවති විශේෂ වැඩසටහනකට එක් වෙමිනි.

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් හෙට (17) අළුයම සිට ආරම්භ කරන බවත්, අපරාධකරුවන් සොයාගෙන පැමිණ සියල්ල නිමා කරන බවත් කී ඇමතිවරයා  සියලුම බාධා මැඩගෙන මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාලයට එරෙහි වැඩපිලිවෙළ දියත් කර   ජූනි මස 30 වැනිදා වනවිට    පවතින් ස්වරූපය  සම්පූර්ණයෙන්ම වෙනස් කරන බව කීවේය.

ඇමතිවරයා මෙසේත් පැවසුවේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

කුඩු විකුණන අයට පණිවිඩයක් දෙන්න තියනවා. අද ඉඳලා කුඩු විකුණන එක්කෙනෙක් හරි අහුවුනොත්  මමනම් කියලා තියෙන්නේ ඉතිරි කරන්න එපා. ඒගොල්ලන්ට මම අද දෙන පණිවිඩය තමයි විකුණන එක නවත්වන්න.

පාතාලයේ අයට මට දෙන්න තියනවා පණිවිඩයක්. පාතාලේ අය හොඳටම දන්නවා දැන් ඔය ලොකු චන්ඩි අන්තිමට මැරෙනවා. මැරෙන්නේ කොහොමද . එක්කො පොලිසියෙන් මැරුම් කනවා. නැතිනම් විරුද්ධ වාදීන්ගෙන් මරුම් කනවා.

ඊට පස්සේ අපි දකිනවා මැරුම් කාපු අයගේ පවුලටයි ළමයින්ටයි වෙලා තියන දේ. යන එන මං නෑ ඊට පස්සේ. පාතාලෙ නායකයන් දන්න කවුරුහරි ඉන්නවා නම් ඒ අයට කියන්න මේක තේරුම් කරලා, තමුසෙල් මොනව කෙරුවත් අන්තිමට තමුසෙලට මෙච්චරයි වෙන්නේ කියලා.

ඒක නිසා මේ කියන පනිවිඩය තමයි ඒක නැවැත්තුවෙ නැතිනම් අපි ඒ ගොල්ලන්ව හොයාගෙන එනවා. හොයාගෙන ගියාම වෙඩි හුවමාරු වෙනවා. ඒ ගොල්ලන් මැරෙනවා. ඒක නවත්වන්න බෑ. ඉතින් එහෙම නිකම් මැරුම් කනවට වඩා හොඳ නැද්ද මේ වැඩේ නවත්වලා තමන්ගේ ළමයි සහ පවුලේ අය එක්ක ඉන්න එක.

මේ පණිවිඩ දෙක තමයි දෙන්න තියෙන්නේ කුඩු විකුණන අයටයි, පාතාලය එක්ක සම්බන්ධ අයටයි. සියලු දෙනාගෙන්ම  කියන්නෙ අපි සියලු දෙනාම අපි එක්ක එකතු වෙන්න. ඔබට පෙනෙයි අපි මොකක් ද කරන්නෙ කියලා. හෙට එළිවෙන්න    අපි මෙහෙයුම් පටන් ගන්නවා හැම තැන්වලම. අපිට සහයෝගය දෙන්න. තොරතුරු දෙන්න. පොලිසිය ඉන්න අය දිරිමත් කරන්න. පොලිස් නිලධාරීන්ට වුනත් සියලු මහජනයා ඒ අය පස්සේ ඉන්නවා කියලා දැනගත්තාම ඒ අයටත් ලොකු හයියක් වෙනවා.  ඒ දේ ඔයගොල්ලන්ගෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඉතිරි ටික අපි කරන්නම්.”

“කවර තරාතිරමක අයෙකුගේ හෝ බලපෑම්වලට යටත් නොවී නීතිය ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා. එළඹෙන ජුනි 30 වනදා වන විට සම්පූර්ණ වෙනසක් සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා.”

මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රහාරයන්ට මුහුණ දීමට සිදුවේවි. මේ වන විටත් සංවිධානාත්මකව එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. එවැනි කටයුතුවලින් මෙම ක්‍රියාමාර්ග අධෛර්යමත් කිරීමට කිසිවෙකු උත්සාහ කරනවා නම් එය කිසිසේත්ම සාර්ථක වන්නේ නැහැ. එවැනි ප්‍රචාරයන් සිදුකරන බොහෝ දෙනෙකු යැපෙන්නේ පාතාලයෙන් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්. බොහෝ දෙනෙකු විදේශයන්හි සිට මෙවැනි කටයුතු සඳහා මුදල් වැය කරනවා. අරගලගේ දී සිදුවුයේත් එයයි.

මේ වැඩ පිළිවෙළ  වෙනුවෙන් කිසිදු අවිශ්වාසයකින් තොරව අප හා අත්වැල් බැඳගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. එහි සහයෝගයත් සමඟ කවර බාධක, අභියෝග පැවතුනත් මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයාමට කටයුතු කරනවා.

අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, විශේෂ කාර්ය බලකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිස් ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුවේට් ඉතිහාසයේ තුන්වැනි අඩුම ධූරකාලය නිමා කරමින් අවසන් ගමන් ගිය කුවේට් එමීර්වරයා…

Next Post

මහින්දට ඉන්දියාවේ ජෝතීර්වේදියෙක් කි අනාවැකියක් ගැන සජින් වාස් ගුණවර්ධන හෙළි කරයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.