කුවේට් එමීර්වරයා වන ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල් ජබර් අල් සබා දිවි සැරියෙන් සමුගත්තේය. මිය යන විට ඔහු 86 වැනි වියේ පසු විය.
“ඉතා ශෝකයෙන් හා වේදනාවෙන්, අපි – කුවේට් ජනතාවට, අරාබි සහ ඉස්ලාමීය ජාතීන් සහ ලෝකයේ මිත්‍රශීලී ජනතාවට දැනුම් දෙමු. ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ එමිර්වරයා වන ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල් ජාබර් අල් සබා, අද අභාවප්‍රාප්ත විය.
අමාත්‍ය ෂෙයික් මොහොමඩ් අබ්දුල්ලා අල්-සබා අද රාජ්‍ය රූපවාහිනියෙන් දැනුම් දුන්නේය. එහෙත් ඔහු මරණයට හේතුවක් දැක්වූයේ නැත. රජයේ දෙපාර්තමේන්තු දින තුනක් වසා දැම්මේය. දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය.
මේ වනවිට නව එමීර්වරයා නම් කර තිබේ. ඔහුත් 83න් හැවිරිදිය. ඔහු ශෙයිකි මෙෂාල් අල් අහමඩ් අල් ජබීර් අල් සහාබ්ය.
ෂෙයික් නවාෆ් 1937 දී උපත ලැබූවේ 1921 සිට 1950 දක්වා කුවේටයේ නැසීගිය පාලකයා වූ ෂෙයික් අහමඩ් අල්-ජාබර් අල්-සබාගේ පස්වන පුත්‍රයා ලෙසය. ඔහු කුවේටයේ ද්විතීයික අධ්‍යාපනය ලැබූ නමුත් උසස් අධ්‍යාපනයට ගියේ නැත.
කුවේට් ඉතිහාසයේ තුන්වැනි අඩුම ධූර කාලයක් ගත කළ ශෙරීෆ් වරයාය. ඔහු කුවේට් එමීර්වරයා ලෙස දිවුරුම් දුන්නේ පසුගිය 2020 වසරේ දීය. ඒ කුවේට් එමීර් ධූරය දරමින් සිටි ඔහුගේ අඩ සොයුරාවන ෂෙයික් සබා අල්-අහ්මඩ් අල්-ජාබර් අල්-සබා වයස අවුරුදු 91ක් ආයු වළඳවා අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුවය.
අභාවප්‍රාප්ත ශෙරීෆ් වරයා වූ ෂෙයික් නවාෆ් 1990 දී ඉරාක හමුදා කුවේටය ආක්‍රමණය කරන වකවානුව වනවිට කුවේටයේ ආරක්ෂක ඇමතිවරයා ය. සන්නද්ධ කණ්ඩායම්වල අභියෝග හමුවේ ඔහු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.
ෂෙයික් නවාෆ් අල්-සබා පවුල තුළ ජනප්‍රිය ජනතා නායකයෙක් වූයේය. නිහතමානී බව සඳහා කීර්තියක් ලබා සිටි ඔහුගේ සරළ දිවි පැවැත්ම ජනතා ප්‍රසාදයට පත් වූයේය.
වසර තුනකට පෙර ෂෙයික් නවාෆ් එමීර්වරයා බවට පත් වූ 2020 දී කුවේට් ආර්ථිකය පැවතියේ බරපතල පීඩනයකය. ඉන්ධන මිල බිඳවැටීමත් සමග ජාත්‍යන්තර නියෝජිතායතන විසින් රටේ ණය ශ්‍රේණිගත කිරීම කපා හැර තිබිණි. ගෝලීය වසංගතයක් වූ කොවිඩ් දැඩි ලෙස රටේ ආර්ථිකයට බලපෑම් කළේය. මෙම ආර්ථික අර්බුදය හරහා කුවේට් ආර්ථිකය මෙහෙයවීමට ඔහුට සිදු විය.
නොවැම්බර් මස අගදී, ෂෙයික් නවාෆ් නිශ්චිත රෝගාබාධයක් සඳහා රෝහල් ගත කළ බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන KUNA වාර්තා කළේය. ෂෙයික් නවාෆ් ඔහුගේ පාලන සමයේදී වෛද්‍ය පරීක්ෂණ සහ වෙනත් ගැටලු වලට මුහුණ දෙමින් සිටියදී ඔහුගේ නියෝජ්‍ය නිලධාරියාට කිහිප වතාවක්ම බලය පවරා තිබිණි.
මේ වනවිට ඔහු අවසන් ගමන් ගොස්ය. ඔහුගේ අනුප්‍රාප්තිකයාත් ඔහු තරම්ම වියපත් පුද්ගලයෙකි. සම්ප්‍රදාය අඛන්ඩව ගමන් කරමින් ඇත.