-
උත්සවය සමය වෙනුවෙන් බිත්තර කෝටි එක හමාරක් හෙට දිවයිනට රැගෙන එන්නට නියමිතයි
එළඹෙන සදුදා (18) දිනයේ සතොස ආයතනය වෙත බිත්තර කෝටියක් ( මිලියන 10ක්) නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ දැනට මෙරටට ආනයනය කර ඇති තත්ත්ව සහතික ලද බිත්තර මිලියන 10ක් මෙලෙස නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය.
එමෙන්ම උත්සව සමය සඳහා අවශ්‍ය බිත්තර කෝටි එක හමාරක් (මිලියන 15ක්) හෙට (17) දිනයේදී දිවයිනට රැගෙන ඒමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
එම බිත්තර ද පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමෙන් අනතුරුව වෙළෙඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ආසිරි වලිසුන්දර සඳහන් කළේය. (දෙරණ)