තමන්ට සහ තම පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිය ඉලක්ක කරගනිමින් මේ උත්තරීතර සභාවේ අගය විනාශ කර තිස්ස කුට්ටි ආරච්චි කී අශිෂ්ට කතාව ඔහුගේ මවගෙන් හා බිරියගෙන් විමසන ලෙස රෝහිණි කවිරත්න අද පාර්ලිමේන්තුවේ දී තිස්ස කුට්ටි ආරච්චිට කීවාය.
තමන් පාර්ලිමේන්තුවෙ කවදාවත් නොකළ කතාවක් තමන් කීවේ යැයි අසභ්‍ය යටිපෙළ අර්ථයක් සහිතව රස කරමින් මේ සභාව තුළ ප්‍රකාශ කරන විට කාන්තා අයිතීන් වෙනුවෙන් හැමදාම පෙනී සිටි අගමැති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්වන වාසුදේව නානායක්කාර වැනි අය කරන්නේ කුමක් දැයි තමන් ප්‍රශ්න කරන බව ඇය පවසා සිටියාය. බැසිල් රාජපක්ෂ මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටින බවත් රාජපක්ෂවරුන් මේ ප්‍රකාශය පිළිබඳ කියන්නේ කුමක් දැයි තමන් විමසන බවත් ඇය කීවාය.
පසුගිය 20 දා තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය මෙසේය.
“ඊයෙ රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවෙදි ලජ්ජා නැතිව අහනවා පොලේ ගියා ද?, වම්බ බටු කීය ද?, ගහල කීය ද?, පලා කීය ද? කියලා අපෙන් අහනවා.
මේ පැත්තෙ මන්ත්‍රීවරයෙකුගෙන් ඇහුවා වම්බටු – ගත්තද? , ගහල – ගත්ත ද?, පලා – ගත්ත ද?,
වම්බටු ගහලා පලා ගත්ත ද?, කියලා රෝහිණී කවිරත්න අහනවා.
ගිහින් අහන්න සජිත් මහත්තයගෙ නෝනගෙන්. ඕක අපෙන් අහන්නෙ…“ රෝහිණී කවිරත්න අද පාර්ලිමේන්තුවේ දී විමසුවේ මේ කතාව පිළිබඳවය.
I listened to a lot of speech in the budget 2022 debate. But this is the ugliest part I have ever heard of, SLPP MP Tissakuttiarachchi's verbally sexual harassment of a female MP in Parliament. #Lka pic.twitter.com/zlfdesaeub
— Manjula Basnayake (@BasnayakeM) November 20, 2021
“ ඕනෑම මොඩයෙකුට වැටහෙන අශිෂ්ට යටිපෙළ අර්ථයක් සහිත මේ කතාව කියලා ඉවර වුනාට පස්සේ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා ඊට විරුද්ධ වුණා. ඒ වෙලාවෙ මූලාසනයෙ හිටිය අජිත් රාපක්ෂට කිව්වා තමන්ට එහෙම දෙයක් තේරුණෙ නෑ කියලා. ඒ පිළිබඳව කටයුතු කරන්න අජිත් රාජපක්ෂ ඉදිරිපත් වුණේ නෑ . කතා නායක තුමනි. මින් පස්සෙ මූලාසනයට ඇස් පේන කන් ඇහෙන අයව දාන්න.“
කුට්ටි ආරච්චි මහත්තයො… ඔයා පුලුවන්නම් මගෙන් අහපු කතාව ඔයාගේ අම්මාගෙන් හෝ බිරියගෙන් මූණට අහන්න. කතා නායක තුමනි. ඔබ තුමා මේ ගැන කියන්නෙ කුමක් ද?. “
ඒ අවස්ථාවේ කතානායකවරයා කීවේ මේ සම්බන්ධව හෙට තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරන බවය.