හැටන් රංජිත් රාජපක්ෂ –
වටවල ලොනැක් වතුයායේ සිට මීරිගම දක්වා කිරි ලිටර් දස දහසක් ප්‍රවාහනය කල බවුසර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් අනතුරක් සිදු වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අද (06) දින අළුයම 1.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ලොනැක් වත්ත ප්‍රදේශයේදිය.
ලොනැක් වත්තේ පිහිටි සත්ව ගොවිපොලේ සිට දියර කිරි ලිටර් දස දහසක් රැගෙන ප්‍රවාහන කළ බවුසර් රථය අධික බැවුමක් සහිත මාර්ගයේ ධාවනය කරන අවස්තාවේ ප්‍රදේශයේ පැවති දැඩි අයහපත් කාලගුණයත් සහ මිදුම් තත්ත්වයත් සමග බවුසර් රථය ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 ක් පමණ ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසිය කියා සිටියේ.
බවුසර් රථය අනතුරට පත් වන අවස්ථාවේ රියදුරා පමණක් එහි ගමන් කර ඇති බවත්, අනතුරෙන් රියදුරා කිසිදු තුවාලයක් සිදු වි නොමැති බවද පොලිසිය පැවසිය. බවුසරයේ කිර ලීටර දස දහස වෙනත් බවුසරයකට බට යොදා මාරු කරනු දැක ගත හැකි විය.
පවතින අයහපත් කාලගුණයත් සමග ප්‍රධාන මාර්ගවල සහ අතුරුමාර්ගවල රිය ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි