-
දුවව සජිත් ලඟම ඉන්දවා ජන රැළිය ඇමතීමට ඉඩ දෙද්දී ආසන සංවිධාකවරුන්ට ඉඳගන්න ආසනයක්වත් ලැබිලා නැති බවට චෝදනා… කිරිඇල්ල තාත්තා දුවවත් පාර්ලිමේන්තු ගෙන්න ගන්න හදනවලු…ආසන සංවිධායකවරුන්ගෙන් චෝදනා…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට සමඟි ජන සන්ධානයට එක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාරට ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයක දී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබා දීමට හැකියාවක් නැතැයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කළ ප්‍රකාශයත් සමඟ දෙදෙනා අතර ඇති වූ විරසකය මේ වනවිට උග්‍ර අතට පත් වෙමින් තිබේ.
සමගි ජන සන්ධානය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව ඇමතූ වසන්ත යාපා බණ්ඩාරට මහනුවර ජනරැළියේදී ජනතාව ඇමතීමට ලක්ෂ්මන් කිරිඇල්ල හිතාමතාම අවස්ථාවක් නොදීම තුළින් මෙය පැහැදිලි වන බව වසන්ත යාපා බණ්ඩාරගේ හිතවාදීහු පවසති.
මහනුවර ජනරැළිිය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් සංවිධානය කරනු ලැබූ අතර දේශපාලනයට ආධුනික චරිතයක් වූ ඔහුගේ දියණියට පවා කතාවක් ලබා දී තිබියදීී දිස්ත්‍රික්කයේ කිසිදු ආසන සංවිධායකවරයෙකුට ජනතාව ඇමතීමට අවස්ථාවක් ලබා නොදීම ද මේ වන විට ප්‍රශ්න කරන තත්ත්වයක් දක්වා දිග දුර ගොස් ඇත.
ඉදිරි මහ මැතිවරණයකදී ලක්ෂ්මන් කිරිඇල්ල ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමේ අවස්ථාව දියණියට ලබාදීමට සැලසුම් කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.
කිරිඇල්ලගේ දියණියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අසලින්ම අසුනක් ලබා දී තිබියදී සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ආසන සංවිධායකවරුන්ට ආසනයක් හෝ පැනවීමට රැලිය සංවිධානය කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ හිතවාදීන් කටයුතු නොකිරීම පිළිබඳව එම ආසන සංවිධායකවරු දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බවද දැනගන්නට තිබේ.







