වසර දෙකකට පසු සිදු කෙරෙන නඩත්තු හා මෙහෙයුම් කටයුතු හේතුවෙන් මහවැලි අධිකාරිය විසින් පොල්ගොල ජලාශය හිස් කළේය. .
ජලාශයේ රැස්ව තිබෙන ජලය වික්ටෝරියා ජලාශයට මුදා හැරීමෙන් පසු නඩත්තු හා මෙහෙයුම් කටයුතු 28 හා 29 දෙදින තුළ සිදු කරන බව අධ්‍යක්ෂ (ප්‍රධාන වේලි හා මහවැලි ජලාශ) ඩී.එම් ධර්මදාස ම පැවසුවේය.
ජලාශයේ ගේට්ටු පද්ධතියේ සිදු කෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන් රජරට ප්‍රදේශයට මහවැලි ජලය යොමු කෙරෙන උමං මාර්ගය ඔස්සේ ජලය ගලා යෑමක් සිදු වන්නේ නැත. වියළි කාලගුණික තත්ත්වයක් පැවතීමත් රජරට කෘෂිකාර්මික කටයුතු මෙම දිනවල අවසන්ව තිබීමත් හේතුවෙන් නඩත්තු කටයුතු සඳහා සුදුසුම කාල සීමාව ද මෙයය.
අදාළ කාලසීමාවේ දී පොල්ගොල්ල ජලාශය හිස්වන බවත් මෙම තත්ත්වයත් සමඟ මසුන් ඇල්ලීමට මෙන්ම ක්‍රීඩා කිරීමට ඇතැම් පිරිස් මහවැලි ගඟට බසින බවත් කී ඉංජිනේරුවරයා මෙය ඉතා අවදානම් සහගත ක්‍රියාවක් බැවින් ජලාශයට බැසීමෙන් වලකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අවධාරණය කළේය.
එහෙත් මොකා කෙසේ කීවත් අපේ හරක් අහන්නේ නැත. මේ ජලය හිස් වූ සැනින් ජලාශයට බැස මාලු බාන මිනිස්සුය.








