අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරමින් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉකුත් 08 වනදා දින ”පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින් සඳහා යුක්තිය” යන මැයෙන් විදේශයන්හි වාසය කරන ශ්‍රී ලාංකිකයන් උදෙසා සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සම්මන්ත්‍රණයකට එක්වෙමින් අගරදගුරු හිමිපාණන් විසින් කරන ලද ප්‍රකාශය පොලිසිය විසින් මෙසේ ප්‍රතික්ෂේප කර ඇත.
මෙම සූම් රැස්වීමේ දී කාදිනල් හිමියන් විසින් ප්‍රකාශ කළ කරුණු 07ක් පොලිස් මාධය කොට්ඨාසය හුවා දක්වයි. පාස්කු ඉරුදින ප්‍රහාරය වර්තමනා රජයේ ක්‍රමන්ත්‍රණයක් බවත්, විමර්ශකයින් මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට අකමැති බවත්ට අගරදගුරු හිමියන් දන්වා ඇති ආකාරය පොලිසිය පෙන්වා දෙයි.
මේ වනවිටත් පොලිසිය මගින් අනාවරණය කරගත් කරුණු අනුව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු 12ක් පවරමින් සැකකරුවන් 42කට අධිචෝදනා ඉදිරිපත් කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.
හුදු සාක්ෂිමය වටිනාකමක් නොමැති ප්‍රකාශ හෝ වාර්තා මත කිසිම අවස්ථාවකදී අපරාධ චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ක්‍රියා නොකරන බවද අදාළ නිවේදනය මගින් පොලිසිය අවධාරණය කරයි.