ඊයේ උදෑසන සුදු වෑන් රථයකින් පැමිණ නුගේගොඩ පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයට කඩා වැදී ඇති පොලිස් නිලධාරියෙක් සහිත සිවිල් කණ්ඩායම කොළඹ අපරාධ කොට්ඨාසයෙන් එම ස්ථානයට යොමු කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
පරීක්ෂා කිරීමේ වරෙන්තුවක් හෝ කිසිම නීත්‍යානුකූල ලියැවිල්ලක් නැතිව පක්ෂ කාර්යාලය පරීක්ෂා කිරීමට පැමිණි මෙම පොලිස් කණ්ඩායම ස්වකීය අනන්‍යතාවය ප්‍රකාශ නොකර බලහත්කාරයෙන් මුලු කාර්යාලය පරීක්ෂා කළ බව පෙරටුගාමී පක්ෂය ඊයේ (29) සජීවී වීඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
සිවිල් ඇඳුමින් සැරසුන කණ්ඩායමේ සිටියේත් පොලිස් නිලධාරීන් බවත්, බස්නාහිර පළාත් ඉහළම පොලිස් නිලධාරියෙකුගෙන් ලැබුණු දැඩි නියෝගයක් මත මේ ආකාරයෙන් එම නිලධාරීන්ට උක්ත පරීක්ෂාව සඳහා යොමුවීමට සිදුවී ඇති බවත් වාර්තා වේ.
නීත්‍යානුකූල ලියවිල්ලක් ඉදිරිපත් කරගත නොහැකි පරිසරයක, පුද්ගලික දේපලක් වෙත ඇතුළු වී මේ ආකාරයෙන් කටයුතු කිරීමට අණ කිරීම මත පොලිස් නිලධාරීන්ද ප්‍රජාව ඉදිරියේ නිරුත්තර වන බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
නිලධාරීන් අසරණ වූ ආකාරය…
Discussion about this post