ගුවන් ටිකට්පත් නියමිත වෙලාවට ලබා නොදීමෙන් තරාගවලිය මග හැරෙන්නට ගිය ශ්‍රී ලංකා කනිෂ්ඨ මළල ක්‍රීඩා කණ්ඩායමට 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වීම සඳහා කොලොම්බියාවට යැවීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේය.
නියමිත වේලාවට ගුවන් ටිකට්පත් ලබාදීමට නිලධාරීන් අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට සැලසුම් කරගත් පරිදි තරගාවලියට යෑමට නොහැකි විය.
කනිෂ්ඨ ශ්‍රී ලංකා ශූරයින් හත් දෙනා, ඔවුන්ගේ පුහුණුකරුවන් සහ මව්පියන් සමග ඊයේ පහන්වන තුරු ගතකළේ ටොරින්ටන්හි ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගනයේ ක්‍රීඩාගාරයේ සිමෙන්ති පොලොව මතය. මේ තරුණ ක්‍රීඩකයින් රට නියෝජනය කිරීමට පැමින අගුවක වැතිරී නිදන ආකාරය දකින උන්ගේ හිත් කඩා දැම්මේය. ඔවුන් ක්‍රීඩා බලධාරීන්ගේ මේ මුග්ධ හැසිරීමට එරෙහිව ඊයේ රැය පහන් වනතුරු විරෝධතාවයක නිරත වූහ.
අද ස්වල්ප වෙලාවට පෙර විදේශ ඇමති හරීන් ප්‍රනාන්දු මෙසේ ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි.
Receiving a call from a parent of the Junior Athletics team that the team weren’t able to travel to Cali, Colombia due to visa and ticket issues, oversight by the officials, @R_A_Ranasinghe and I with great difficulty made arrangements ensuring the team will attend on time pic.twitter.com/B9B7eL0Hmq
— Harin Fernando (@fernandoharin) July 30, 2022
“වීසා සහ ප්‍රවේශපත්‍ර ගැටලු හේතුවෙන් කණ්ඩායමට කොලොම්බියාවේ කැලි වෙත යාමට නොහැකි වූ බවට කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමේ දෙමාපියකුගෙන් ලැබුණු ඇමතුමක් නිසා නිලධාරීන්ගේ අධීක්‍ෂණයෙන් රොෂාන් රණසිංහ ඇමැතිතුමාත් මමත් ඉතා අසීරුවෙන් කණ්ඩායම තරගාවලියට යැවීම සහතික කිරීමට කටයුතු කළා. නියමිත වේලාවට ඔවුන් කැලි වෙත යනු ඇත. ” යනුවෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මඳ වේලාවකට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ කණ්ඩායම කොලොම්බියාවට යන බව තහවුරු කරමිනි.