අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුෂ්කර පැයේ සමසේ විඳ දරා ගැනීමේ සදාචාරාත්මක වගකීම දරන්න. මහ බැංකුව ආර්ථිකයේ පාර්වකරුවන්ගෙන් ඉල්ලයි….

විදේශ විනිමය වංචා කරන සියලු දෙනාට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවට අනතුරු ඇඟවීමක් කරයි....

by editor
ජූලි 30, 2022
in පුවත්
central-bank-of-sri-lanka
Share on FacebookShare on Twitter

වත්මන් අර්බුදයට  එක් ප්‍රධාන හේතුවක් වන්නේ    බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතාව නොමැතිකම බැවින් ඒ සඳහා මහ බැංකුව දියත් කර ඇති නියාමන ක්‍රියාවලිය සාර්ථක කරගත හැක්කේ   වෙළඳ ප්‍රජාවේ සහ බැංකු පද්ධතියෙන් ලැබෙන සහයෝගය සහ සහයෝගීතාවය මත බවත්, මෙවැනි දුෂ්කර අවස්ථාවක සමසේ විඳ දරා ගැනීමේ සදාචාරාත්මක වගකීම යටපත් නොකරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව  ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන් ඉල්ලා සිටී.

මහ බැංකුව නිවේදන කරන්නේ  ඇතැම් වෙළඳපොළ පාර්ශවකරුවන් මෙම රෙගුලාසිවලට සම්පුර්ණයෙන්ම අනුකූල නොවන ආකාරය තම   අවධානයට ලක්ව ඇති අයුරුය.

වත්මන් ආර්ථික දුෂ්කරතා සහ පීඩාවන් ජය ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගෙන් සැලකිය යුතු සහ සාමූහික උත්සාහයක් අවශ්‍ය අවස්ථාවක එම සදාචාර විරෝධි ප්‍රවේශයෙන් ඉවත්වන ලෙස වෙළදපල පාර්ශවකරුවන්ට දන්වා සිටින මහ බැංකුව ඕනෑම පාර්ශ්වකරුවන් කණ්ඩායමක වැරදි ක්‍රියා නිසා ආර්ථික අර්බුදය උග්‍රවීම නොවැළැක්විය හැකි බව දන්වයි.

එබැවින්, දැනට පවතින රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන ලෙස බලපත්‍රලාභී බැංකු සහ වෙළඳ ප්‍රජාව වෙතින් ඉල්ලා සිටින  මහ බැංකුව  නියමිත කාල සීමාව තුළ සියලුම අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීමටත් රෙගුලාසිවලට අනුකූලව ඉතිරි ඉපැයීම් බැංකු පද්ධතිය හරහා රුපියල් වලට පරිවර්තනය කරන ලෙසත් අපනයන වෙළඳ ප්‍රජාවට නියම කර තිබේ.

විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් වන සියලුම රෙගුලාසි දැඩි ලෙස පිළිපැදීම සහතික කරන ලෙස බැංකු ප්‍රජාවගෙන් ඉල්ලා  සිටින මහ බැංකුව එසේ නොවන්නේ නම් ඒ සම්බන්ධව සියලුම පාර්ශවයන් විෂයෙහි දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බව ද දන්වයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මහ බැංකුව නිකුත් කර ඇති  එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

මෙතෙක් පැවති දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන් “සාධාරණ ලෙස ක්‍රියා කිරීමේ” වැදගත්කම

රජය සහ මහ බැංකුව මහජනතාව මත පවතින ආර්ථික දුෂ්කරතාවන් අඩු කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. වත්මන් අර්බුදයට සහ එහි ප්‍රතිඵලයක් ලෙස පවතින දුෂ්කරතාවලට දායක වන එක් ප්‍රධාන සාධකයක් වනුයේ බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතාව නොමැතිකමයි. විදේශ විනිමය ද්‍රවශීලතාවයේ හිඟය ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සැපයීමට බලපා ඇත. බැංකු පද්ධතිය තුළ ප්‍රමාණවත් විදේශ විනිමය ද්‍රවශීලතාවයක් සහතික කිරීම සඳහා, අපනයන ඉපැයීම් රුපියල් වලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතා පැනවීමට මහ බැංකුවට සිදු විය. තවද, විදේශ විනිමය පිටතට ගලායාම අධෛර්යමත් කිරීම සඳහා රජය සහ මහ බැංකුව විසින් ඇතැම් ආනයන හා ගෙවීම් ක්‍රම මත සීමා පැනවීම සහ ආන්තික අවශ්‍යතා හඳුන්වාදීම් මෙන්ම, අවිධිමත් විදේශ විනිමය වෙළඳපොළ හරහා ගමන් නොකර විධිමත් බැංකු පද්ධතිය වෙත විදේශ විනිමය ගලා ඒම දිරිමත් කිරීම වැනි ක්‍රියාමාර්ගයන් ගෙන ඇත. මෙම නියාමන ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය සහ අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව රඳා පවතින්නේ වෙළඳ ප්‍රජාවේ සහ බැංකු පද්ධතියෙන් ලැබෙන සහයෝගය සහ සහයෝගීතාවය මතය. කෙසේ වෙතත්, ඇතැම් වෙළඳපොළ පාර්ශවකරුවන් මෙම රෙගුලාසිවලට සම්පුර්ණයෙන්ම අනුකූල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක්ව ඇත. එවැනි ක්‍රියාවක් අඛණ්ඩව කරගෙන ගියහොත්, දුෂ්කර හා අසාමාන්‍ය තත්වයන් යටතේ සියලුම පාර්ශ්වකරුවන්ගෙන් බලාපොරොත්තු වන ‘සමසේ විඳ දරා ගැනීමේ’ සදාචාරාත්මක වගකීම යටපත් කරන අතරම, දුෂ්කර කාලවලදී රජයෙන් අපේක්ෂා කරන සහයෝගය ජනතාවට අහිමි වනු ඇත.

මෙවැනි පසුබිමක් තුළ, ජාතියේ යහපත උදෙසා සියලු රෙගුලාසිවලට අනුකූල වීම දැඩි ලෙස නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි ගත හැකි සෑම පියවරක්ම ඉදිරියේදීත් ගන්නා බව ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන්හට නැවත අවධාරණය කිරීමට මහ බැංකුව අපේක්ෂා කරයි. රෙගුලාසි වලට අනුකුල නොවන ක්‍රියාවක් හඳුනාගනු ලැබුවහොත්, අදාළ නීතිමය විධිවිධාන තුළ දැඩි ක්‍රියාමාර්ග ගනුලැබෙනු ඇත.

අපනයන ආදායම් අධීක්ෂණ පද්ධතිය (EPMS) සහ සමස්ත දේශසීමා අතර ගනුදෙනු සහ දේශීය විදේශ මුදල් ගනුදෙනු අධීක්ෂණ පද්ධතියක් වන ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය (ITRS) හරහා විදේශ විනිමය ගනුදෙනු අධීක්ෂණය කිරීමේ හැකියාව මහ බැංකුව විසින් සවිමත් කර තිබීම ද සුවිශේෂී කරුණකි. මෙම පද්ධතීන් මඟින් විදේශ විනිමය ගලා ඒම සහ පිටතට ගලායාම පිළිබඳ නිරන්තර අධීක්ෂණය සඳහා පහසුකම් සලසයි. තවද, යම් අක්‍රමිකතා හඳුනා ගැනීමට විගණන ආයතන වැනි ස්වාධීන වෘත්තීයමය ආයතනවල සහාය ද ලබා ගැනේ.

එබැවින්, දැනට පවතින රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන ලෙස බලපත්‍රලාභී බැංකු සහ වෙළඳ ප්‍රජාව වෙතින් ඉල්ලා සිටින අතර, අතිශය අභියෝගාත්මක තත්ත්වයන් යටතේ ආර්ථිකයේ සියලුම පාර්ශවකරුවන්ට අවශ්‍ය සහය ලබාදීමට රජය සහ මහ බැංකුව දරන ප්‍රයත්නයන්ට දායක වන ලෙසද ඉල්ලා සිටී. නියමිත කාල සීමාව තුළ සියලුම අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීමටත් රෙගුලාසිවලට අනුකූලව ඉතිරි ඉපැයීම් බැංකු පද්ධතිය හරහා රුපියල් වලට පරිවර්තනය කරන ලෙසත් අපනයන වෙළඳ ප්‍රජාවට නියම කර ඇත. විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් වන සියලුම රෙගුලාසි දැඩි ලෙස පිළිපැදීම සහතික කරන ලෙස බැංකු ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

රජය සහ මහ බැංකුව නුදුරු කාලීනව ආර්ථික පීඩනයන් සමනය කිරීමට අවශ්‍ය විදේශීය මූල්‍ය සුරක්ෂිත කිරීම සඳහා අඛණ්ඩ උත්සාහයන් ගනිමින් සිටී. ආර්ථික ගැලපුම් වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡාවල කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට ඇත. නීති සහ මූල්‍ය උපදේශකයන්ගේ සහාය ඇතිව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙමින් පවතී. ආර්ථිකයේ දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජය සහ මහ බැංකුව කැපවී සිටී.

වත්මන් ආර්ථික දුෂ්කරතා සහ පීඩාවන් ජය ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගෙන් සැලකිය යුතු සහ සාමූහික උත්සාහයක් අවශ්‍ය බව මහ බැංකුව නැවත අවධාරණය කරයි. ඕනෑම පාර්ශ්වකරුවන් කණ්ඩායමක වැරදි ක්‍රියා නිසා ආර්ථික අර්බුදය උග්‍රවීම නොවැළැක්විය හැකි අතර එමඟින් පුළුල්ව පැතිරුණු අහිතකර බලපෑම් ඇති කරනු ඇත. ජාතිය ඉක්මනින් යථා තත්ත්වයට පත් වීමට සහ මෙම අර්බුදයෙන් ශක්තිමත්ව නැගී සිටීම සඳහා හෘද සාක්ෂියට එකඟව වගකීමෙන් යුතුව කටයුතු කිරීමත්, මෙම අවශ්‍ය මොහොතේදී නොපිරිහෙලා සහාය දැක්වීමත් සැමගේ යුතුකමයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරයින්ට ලෝක ශූරතා තරගාවලියට… හරීන් -රොෂාන් ප්‍රශ්නය විසඳයි….

Next Post

මෙතෙක් දේශපාලකයින්ට වැසුණු මහා විහාර දොටුර ජනපති රනිල් විවෘත කරගනී!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.